32 C
Colombo
Thursday, May 2, 2024

අපිට පෙරහැරේ ගෙනියන්න අලි ඇත්තු නැහැ. මහ සංඝරත්නය ජනපතිට දුක කියයි.

- Advertisement -

හිලෑ අලි ඇතුන්ගේ හිඟය නිසා පෙරහර මංගල්‍ය පැවැත්වීමේ දී මතුව ඇති ගැටළු විසඳීමට කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මහා සංඝරත්නය පෙන්වා දෙනවා.

පෙරහර මංගල්‍ය සදහා හීලෑ අලි ඇතුන්ගේ හිඟය නිසා මතුව ඇති ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීම සදහා ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ ඊට සහභාගීවූ භික්ෂූන්වහන්සේලා පිරිසක් මෙම අදහස් පලකළා.

පෙරහර මංගල්‍යය අතීතයේ සිට පැවත එන දේශීය ආගමික හා සංස්කෘතික උරුමයක් බැවින් බෞද්ධ සංස්කෘතිකාංග සුරැකීමට මහා සංඝරත්නය සේම රජය ද බැඳී සිටින බව ද උන්වහන්සේලා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතයන් පිරිසක්ද එම සාකච්ඡාවට එක්ව සිටියා.

ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය ඇතුළු සෙසු ඓතිහාසික පෙරහර මංගල්‍ය සඳහා අවශ්‍ය හිලෑ අලි ඇතුන් සොයා ගැනීමට නොහැකිවීමෙන් මතුව ඇති ගැටළු මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් තිබෙනවා.

80 දශකය වන විට ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාව 300 ත් 350 අතර පැවතුනද මේ වන විට එය 107 ක් දක්වා පහත වැටී ඇති අතර එම අලි ඇතුන්ගෙන්ද 80 ක් පමණ දැන් වයස අවුරුදු 50 ඉක්මවා තිබෙන බවද මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දී තිබෙනවා.

අතීතයේ සිට සෑම රාජ්‍ය නායකයෙකුම වෙහෙර විහාරස්ථාන සඳහා අලි ඇතුන් පූජා කර තිබෙන බවත් මියන්මාරය, බුරුමය, තායිලන්තය වැනි රටවලින්ද රාජ්‍ය තාන්ත්‍රික පදනමින් විහාරස්ථාන සඳහා අලි ඇතුන් තෑගි කිරීම සම්ප්‍රදායයක්ව පවතින බවත් මහා සංඝරත්නය මෙහිදී සදහන් කළා.

පෙරහැර කලාව සහ සංස්කෘතිය වෙනුවෙන් හීලෑ අලි ඇතුන් ගහණයක් රටට අවශ්‍ය බව තමා ද දැඩි සේ විශ්වාස කරන බව ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සාකච්ඡාවේදී පවසා තිබෙනවා.

හීලෑ අලි ඇතුන් නියාමනය සහ සංරක්ෂණය පිළිබඳ කොන්දේසී සැකසීමේදී හිමිකරුවන් සමඟද සාකච්ඡා කරන්නැයි ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන් හට උපදෙස් ලබාදී තිබෙනවා.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි, තිස්සමහාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය දේවාලේගම ධම්මසේන, කැළණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත, ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ සභාපති නිලංග දෑල යන අය සහ රේඛීය අමාත්‍යාංශවල ලේකම්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක්

ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය...

තේ වතු කම්කරුවන්,තේ වතු හිමියන් කරන්න මට ඉඩ දෙන්න-සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01) තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේදි පැවති ජාතික කම්කරු සංගමයේ සහ ජාතික කම්කරු පෙරමුණේ මැයි දින රැලියට එක්වුණා. එහිදි විපක්ෂ...

හපුතලේ-බෙරගල මාර්ගයේ ගමනාගමනයට බාධා

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතරදී අද (01) දින දෙවන වරටත්  ගල් පර්වත කිහිපයක් පෙරළී මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී තිබෙනවා. බදුල්ල ආපදා කළමනාකරණ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...