27 C
Colombo
Monday, April 29, 2024

‘පුවත්පත් මණ්ඩලය අහෝසි කළයුතු හේතු මෙන්න’ – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

- Advertisement -

පුවත්පත් මණ්ඩලය අහෝසි කළ යුතු යැයි රජයට බල කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විනිශ්චයාතනයක් ලෙසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන්නේ යැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දැන්වීමක් පළකිරීම පදනම් කරගෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම විරෝධය පළ කර ඇත.

සිය සංවිධානයේ එකඟතාව ඇත්තේ ජනමාධ්‍ය ප්‍රජාවේ මැදිහත්වීමෙන් සැකැසෙන මාධ්‍ය නියාමන ක්‍රමවේදයකට පමණක් යැයි කියමින් පුවත්පත් මණ්ඩලයේ අහිතකර නීතිමය ප්‍රතිපාදන පෙන්වා දෙමින් මෙම නිවේදනය පල කර තිබේ.

එසේ දක්වා ඇති කරුණු කීපයක් මෙසේය.

1.පුවත්පත් මණ්ඩලය ජනාධිපතිවරයාගේ පරම අභිමතය ක්‍රියාත්මක වන තැනක් වීම.

2.මණ්ඩලයේ සාමාජික වැටුප් ජනමාධ්‍ය ඇමැතිවරයා තීරණය කිරීමෙන් එහි ස්වාධීනත්වයට හානි පැමිණවීම.

3.හත් දෙනකුගෙන් යුත් මණ්ඩලයේ දෙදෙනකු පමණක් පුවත්පත් ක්‍ෂේත්‍රය නියෝජනය කිරීමත් අවශ්‍ය නම් එම දෙදෙනා නොමැතිව වුවත් තීන්දු ගත හැකි වීම.

4.අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් පිළිබඳ තොරතුරු අමාත්‍ය මණ්ඩල ලේකම්ගේ අවසරයක් නොමැතිව පල කිරීම වරදක් ලෙස තීන්දු ගත හැකිවීමෙන් ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය උදුරාගැනීම.

5.පුවත්පත් මණ්ඩල නියෝග අවසානාත්මක ඒවා ලෙසින් සැලකීමෙන් එහි අනීතික පියවර කිසිදු අධිකරණයක අභියෝගයට ලක්කළ නොහැකිවීම.

6.මණ්ඩලයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ විභාග වන නඩුවකදී මණ්ඩලයේ සභාපතිවරයා ඉදිරිපත් කරන සහතිකය කිසිදු වාද කිරීමකින් තොරව පිළිගැනීම හා එයට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩු පැවරීමේ හැකියාවක් නොවීම.

7.ආචාර ධර්ම සංග්‍රහ සැකැසීමේදී පුවත්පත් ක්‍ෂේත්‍රයේ අදහස් නොවිමසීම.

8.පනතේ 15 වැනි වගන්තියෙන් සාපරාධී පළකිරීම් ලෙස හඳුන්වාදීමක් කර ලඝු නඩු විභාගයකින් දඩ මුදලක් හා වසර දෙකක සිර දඬුවමක් නියම කිරීමේ පියවර හඳුන්වාදීම් මගින් මාධ්‍යවේදීන් ආණ්ඩුවේ මර්දනයට ලක්කිරීමට ඉඩකඩ නිර්මාණය කරගැනීම.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...