26 C
Colombo
Thursday, May 9, 2024

පෘථිවියටත් වඩා පැරණි ග්‍රහකයකින් දූවිලි රැගෙන වසර 7කට පසු ආ යානය

- Advertisement -

සෞරග්‍රහ මණ්ඩලයේ  කිලෝ මීටර් මිලියන ගණනක් ඈතින් පිහිටි ‘බෙන්නු’ නමැති ග්‍රහකයේ(asteroid bennu) මතුපිටින් පාෂාණ කොටස් රැගෙන ඒමට‘ඔසයිරස් රෙක්ස්’ (OSIRIS-Rex) නමැති රොබෝ ගවේෂණ යානය සමත්ව ඇති බව ඇමරිකාවේ නාසා ආයතනය නිවේදනය කරනවා.

වසර හතක් පුරාවට පැවතුණු මෙහෙයුමක් අවසන් කරමින් මෙම යානාව නැවතත් පෘථිවිය බලා පැමිණ තිබුණා.

සූරා එක් රැස් කරගත් ‘බෙන්නු’ ග්‍රහකයේ පස් සහ දූවිලි ‘ඔසයිරස් රෙක්ස්’ යානයට සම්බන්ධ කුඩා කැප්සියුලයක් තුළ තැන්පත් කර තිබූ බවයි වාර්තා වෙන්නේ.

අදාළ යානය මඟින් දූවිලි කොටස් ග්‍රෑම් 250ක් පමණ රැගෙන පැමිණ ඇති බවද සඳහන් වෙනවා.

ඒ අනුව රොබෝ යානය, ඊට ලබා දී තිබුණු උපදෙස් අනුගමනය කරමින් පෘථිවිය අසලට පැමිණ, එම කැප්සියුලය පෘථිවිය දෙසට මුදා හැර තිබුණා.

පෙරදී සැලසුම් කළ පරිදි එම දූවිලි කොටස් අන්තර්ගත  කැප්සියුලය, ඇමෙරිකාවේ යූටා කාන්තාරයේ ස්ථානයකට පතිත කර තිබෙනවා.

‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය 2016 වසරේදී මීටර් 500 ක් පළල ‘බෙන්නු’ ග්‍රාහකය බලා පිටත්ව ගොස් තිබුණා.

නාසා ආයතනය පෙන්වා දෙන්නේ ‘බෙන්නු’ ග්‍රහකය පෘථිවියට වඩා පැරැණි වන අතර එහි රහස් අනාවරණය කර ගැනීම, සෞරග්‍රහ මණ්ඩලයේ උපත සහ පරිණාමය පිළිබ‍ඳ අධ්‍යයනයට ඉතා වැදගත් වන බවයි.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවකයින්ට විශේෂ චක්‍රලේඛයක්

කොවිඩ් නයින්ටීන් වසංගත සමය තුළ විදේශගතව සිට පැවති තත්ත්වය හමුවේ නැවත සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්...

ලක්ෂ 15ක දුම්වැටි රේගුවේ හිරවෙලා

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින්...

විදුලිබිල අඩු කරන යෝජනාව විදුලිබල මණ්ඩල උපයෝගීතා කොමිසමට දීලා නෑ

විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙතෙක් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දී නොමැති බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...