33 C
Colombo
Friday, May 10, 2024

දයාසිරිට දෙපැත්තෙන්ම තනතුරු

- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කරනු ලැබූ දයාසිරි ජයසේකර මහතාට ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් ලබා දීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔහු නැවත පක්ෂය සමඟ සම්බන්ධ වන්නේ නම් පක්ෂයේ සභාපති ධුරය ලේකම් ධුරය හෝ ජාතික සංවිධායක ධුරය හැර වෙනත් තනතුරක් ලබා දිය හැකි බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඔහුට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් ලබා දීම සුදුසු බවට යෝජනා කර ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 6 දෙනකු සිටින අතර දයාසිරි ජයසේකර මහතා එම තනතුර භාර ගතහොත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ගණන හතක් බවට පත්වීමට නියමිතයි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කරනු ලැබූ දයාසිරි ජයසේකර සමඟි ජන බලවේගයේ ආසන සංවිධායකවරයෙකු ලෙස පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග අනුව පුවත් පළ වී තිබුණා.

ඒ අනුව සමඟි ජන බලවේගයේ පඬුවස්නුවර ආසන සංවිධායක ධුරය දයාසිරි ජයසේකර වෙත ලබා දීමට කටයුතු සූදානම් කරමින් සිටින අතර එම ආසනයේ සංවිධායකවරයාව සිටි තුෂාර ඉඳුනිල් අමරසේන මහතා වාරියපොළ සංවිධායක ලෙස මාරු කර ඇති බවත් තහවුරු වී තිබෙනවා.

පසුගිය සතියේ තුෂාර ඉඳුනිල් වාරියපොළ ආසන සංවිධායක ලෙස වැඩ භාර ගෙන තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තනතුරෙන් ඉවත් කිරීම ඇතුළුව සිදු වූ අකටයුතු කම් හේතුවෙන් දයාසිරි ජයසේකර මහතා සමඟි ජන බලවේගය සමඟ එක්විය හැකි බවටද ආරංචි පැතිරී තිබෙනවා.

කෙසේවෙතත්, දයාසිරි ජයසේකර මහතා පවුලේ අය සමඟ මේ වන විට විදේශගත වී සිටින අතර ඔහු යළි මෙරටට පැමිණෙන දිනයක් පිළිබඳවද මෙතෙක් නිශ්චිතව දැනුම් දී නොමැති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

බදුල්ල – මහියංගනය මාර්ගයේ මාරක අනතුරක්

දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක් බදුල්ල පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී අනතුරක්...

ක්‍රිප්ටෝ මුදල් ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ ‘ක්‍රිප්ටෝ මුදල්’ භාවිතය ගනුදෙනු සඳහා නීත්‍යනුකූල නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කර...

තූර්කියට ගොඩබාපු ගුවන් යානයක ටයරයක් පුපුරලා

තුර්කියේ මධ්‍යධරණී මුහුද අසල පිහිටි Alanya නගරයේ gazipasa ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට ආසන්නව තිබියදී තුර්කි මගී ගුවන් යානයක් අනතුරට පත්වී තිබෙනවා. යානය අනතුරට පත්වූයේ එය ගුවන්...

POPULAR ARTICLES

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...