32 C
Colombo
Thursday, May 2, 2024

මැයි රැළි නැවැත්වීමට දේශපාලන පක්ෂ එකඟවූ බවට යුද හමුදාපතිවරයා කරන ප්‍රකාශය අසත්‍යක් – පුබුදු ජයගොඩ

- Advertisement -

ජාත්‍යාන්තර කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන රැළි අවලංගු කිරීමට සියලු පක්ෂ නියෝජිතයන් එකඟවී ඇති බවට යුද හමුදාපතිවරයා සිදුකරන අසත්‍යක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ යුද හමුදාපතිවරයා පවසන ආකාරයේ කිසිදු රැස්වීමක් සඳහා තම පක්ෂයට ආරාධනයක් නොලැබුණු බවයි.

කොව්ඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී දේශපාලන පක්ෂ නියෝජිතයින් සමඟ අද (20) පැවති සාකච්ඡාවකින් අනතුරුව කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ මැයි දින රැළි නොපැවැත්වීමට දේශපාලන පක්ෂ නියෝජිතයින් එකඟ වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.

කෙසේ වෙතත් පුබුදු ජයගොඩ මහතා සඳහන් කරන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ හා පොලීසිය අතර පැවැත්වුණු එකම නිල සාකච්ඡාව වනුයේ ඊයේ (19) සවස 2.30ට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්‍යලයේදී පැවති සාකච්ඡාව බවයි.

එහිදී තීරණය වී ඇත්තේ ජාත්‍යන්තර කම්කරු දින පෙලපාලි හා රැළි පැවැත්වීමටෙ බවත් ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සිය කම්කරු දින රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේ සිදු කිරීමට පොලිස් අනුමැතියද ලබාදුන් බව ඔහු සඳහන් කරනවා.

මීට අමතරව මැයි රැළි සම්බන්දයෙන් වන කිසිදු සාකච්ඡාවක් පිළිබදව තම පක්ෂයට දැනුම්දී නොමැති බවත් මේ අත්තනෝමතික තීරණයට එකඟවූ දේශපාලන පක්ෂ මොනවාදැයි හමුදාපතිවරයා හෙලිදරව් කළ යුතු බවත් පුබුදු ජයගොඩ මහතා පවසනවා.

සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයේ කිසිදු සීමා කිරීමකින් හෝ සෞඛ්‍ය රෙගුලාසියකින් තොරව වෛරසය ව්‍යාප්ත වීමට අවකාශ සැලසූ ආණ්ඩුව දැන් වසංගතය පෙන්වා කම්කරු දිනය තහනම් කිරීමට සැරසෙන්නේනම් එම අත්තනෝමතික තීරණයට එරෙහිව සටන් වැදිය යුතු බවත් එම අත්තනෝමතික තීරණයට දේශපාලන පක්ෂ වල අනුමැතිය ලබාදී ඇති බවට හමුදාපතිවරයා කර ඇති අසත්‍ය ප්‍රකාශය තරයේ හෙලා දකින බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

කම්කරු දිනය වෙනුවෙන් වැඩසටහන් පවත්වනවාද නැද්ද යන්න තීරණය කරනුයේ වැඩකරන ජනතාව මිස හමුදාපතිවරයා හෝ පාලකයන් නොවන බවත් ලංකාවේ පවතින්නේ මියන්මාර පන්නයේ මිලිටරි පාලනයක්ද යන්න මුලින් විසඳාගත යුතු බවත් අදාල තීරණය විවේචනය කරමින් පුබුදු ජයගොඩ මහතා සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

විරෝධතාවයක් නිසා ලෝටස් පාර අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය...

අපේ මුහුදේ හොරෙන් මාලු අල්ලන්න ආපු ඉන්දීය ධීවරයින්ට ප්‍රහාරයක්

උතුරු මුහුදේ අනවසරයෙන් මසුන් මැරීමට ධීවර යාත්‍රාවකින් පැමිණෙමින් සිටි ඉන්දියාවේ නාගපටිනම්ප් ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට ඊයේ (01) රාත්‍රීයේ මුහුදු කොල්ලකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවට...

Onmax DT අධ්‍යක්ෂවරුන්ට අධිකරණයෙන් නියෝගයක්

Onmax DT පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කොට අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...