30.5 C
Colombo
Sunday, April 28, 2024

ප්‍රමිති ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි

- Advertisement -

ප්‍රමිති ආයතනයේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වී නැවත පෞද්ගලික අංශයේ සේවයට එක්වන බව එහි සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසනවා.

මීට පෙර සතොස ආයතනයේ සභාපති ධුරයේ කටයුතු කළ නුෂාඩ් පෙරේරා මහතා එහි ඇතිවූ ආන්දෝලනාත්මක හේතු කිහිපයකින් අනතුරුව ප්‍රමිති ආයතනයේ සභාපති ධුරයට පත් කෙරුණා.

ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් නැමති පිළිකාකාරක අඩංගු වී ඇති බවට හෙළිවූ අතර, මෙරට පොල්තෙල් නිෂ්පාදන සමාගමක් විසින් වෙළඳපොලට නිකුත් කර තිබූ පොල්තෙල් වර්ගයක ද පිළිකාකාරක අඩංගු වී ඇති බවට පසුගියදා රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වී තිබුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හට දිගින් දිගටම චෝදනා එල්ල වුණා.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රීලටත් ආර්ථිකය අමාරුයි.වාහනත් විකුණලා

ආර්ථික ගැටලු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගි ලොකු වාහන වෙනුවට ඉතා අඩු මිල ගණන් සහිත කුඩා වාහනවලට යොමුවී සිටින බව පාර්ලිමේන්තුව...

පොලිසියේ විනය පරීක්ෂණ වාර්තාව දේශබන්දුට‍

පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාද වීම සම්බන්ධයෙන් විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පතිවරයා වෙත බාරදී තිබෙනවා. විනය පටිපාටිය කඩිනම් කිරීම...

ව්‍යාජ රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු 3ක් පොලිස් දැලේ

කිලිනොච්චි ප්‍රදේශයේදී ව්‍යාජ රන් කැබලි බවට සැක කැබලි තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු සමග පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...