30.3 C
Colombo
Friday, April 26, 2024

ජනාධිපතිවරයාට ජාතිය ඇමතීමට ඇමරිකානු ක්‍රමයට නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයක්

- Advertisement -

මින් ඉදිරියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතිය ඇමතීමට නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයක් නිර්මාණය කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසනවා.

අංග සම්පූර්ණ නවීන තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් ඇමරිකානු පන්නයට නිර්මාණය කරන ලද මෙම මාධ්‍ය මධ්‍යස්ථානය එළැඹෙන 29 වනදා විවෘත කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.

ජනාධිපතිවරයාට මෙන්ම ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාටද සතිපතා මාධ්‍යවේදීන් හමුවීමටත් ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමටත් මෙම ස්ථානය භාවිතා කරන බවයි පැවසෙන්නේ.

මීට පෙර ජනාධිපතිවරයා ජාතිය ඇමතූ අවස්ථාවන්හීදී ඒවායේ අඩුපාඩු කියමින් විවිධ චෝදනා එල්ලවූ බවත් මින් අනතුරුව ජාතිය ඇමතීමට මෙම ස්ථානය පමණක් භාවිතා කරන බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා.

කෙසේ වෙතත් නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ නාම පුවරුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් ප්‍රදර්ශනය කර ඇති බවට මේ වන විටත් චෝදනා එල්ලවනවා.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව සිංහල භාෂාවට හා දෙමළ භාෂාවට ප්‍රමුඛත්වය දිය යුතු අතර ඉන් අනතුරුව අනෙකුත් භාෂාවන් භාවිතා කිරීමට අවස්ථාව හිමිවනවා.

කෙසේ වෙතත් නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ජනාධිපති කාර්යාලය ලෙස සදහන් පුවරුවේ පළමුව සිංහල භාෂාවත් දෙවනුව ඉංග්‍රීසි භාෂාවත් තුන්වන භාෂාව ලෙස දෙමළ භාෂාවත් යොදා ඇති අයුරු දක්නට ලැබෙනවා.

එමෙන්ම සිංහල භාෂාවෙන් ජනාධිපති කාර්යාලය ලෙස සදහන් වුවද එය ඉංග්‍රීසි භාෂාවෙන් President Secretariat ලෙස සදහන්ව තිබෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙන් President Secretariat ලෙස හදුන්වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයයි.


RECENT ARTICLES - SINHALA

අපරාධවලින් ඉපයූ ධනය යළි අය කරගන්න නීතියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ...

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...