32 C
Colombo
Thursday, May 2, 2024

තියුණු ආයුධ ප්‍රහාරයකින් පාසල් සිසුවකු ජීවිතක්ෂයට

- Advertisement -

මැරතන් තරගයක තරග කරුවන් දිරිගැන්වීමට ගිය පාසල් සිසුවෙකුට එල්ල වූ පිහි පහරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටියදී මියගොස් ඇති බව වැල්ලම්පිටිය පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 15හැවරිදි වැල්ලම්පිටිය කොටුවිල තුන්වන අදියර ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවකු බව වාර්තා වෙනවා.

තරගකරුවන් දිරිගැන්වීමේ යෙදී සිටියදී පිරිසක් සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එම සිසුවාට පුද්ගලයින් හතර දෙනෙකු විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය පවසනවා.

සිසුවාට පහර දුන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරනවා.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් 4 දෙනාගෙන් දෙදෙනෙකු හට මීට පෙරද මිනීමැරුම් චෝදනා තිබෙන බව විමර්ශනවලදී හෙළිවී ඇති බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – කරඳගොල්ල නායයෑම් අවදානම පාලනයට පියවර

ඇල්ල, කරඳගොල්ල නායයෑමේ අවදානම කෙටි කාලයක් තුළ පාලනය කළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධ‍න මහතා පැවසුවා. ඔහු මේ බව...

විරෝධතාවයක් නිසා ලෝටස් පාර අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය...

අපේ මුහුදේ හොරෙන් මාලු අල්ලන්න ආපු ඉන්දීය ධීවරයින්ට ප්‍රහාරයක්

උතුරු මුහුදේ අනවසරයෙන් මසුන් මැරීමට ධීවර යාත්‍රාවකින් පැමිණෙමින් සිටි ඉන්දියාවේ නාගපටිනම්ප් ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට ඊයේ (01) රාත්‍රීයේ මුහුදු කොල්ලකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවට...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...