සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා.
මෙවර 12 සහ 13 වසර වල දරුවන්ගේ සහභාගිත්වයෙන් සිදුවූ මෙම තරඟයට දරුවන්ගේ විශාල උනන්දුවක් තිබූ බව වාර්තා වනවා.
පාසල තුල e-sports club එකක් ඇරඹීමට කටයුතු සිදුවන බවත් මෙය ජාතික මට්ටමේ තරඟාවලියට පෙරහුරුවක් වනු ඇති බවත් එම පාසලේ විදුහල්පතිවරයා පවසනවා.
e-sports ක්‍රීඩාවක් ලෙස නිල වශයෙන් පිළිගත් දකුණු ආසියානු කලාපයේ පළමු රට ශ්‍රී ලංකාව වේ.
2019 වසරේ ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් පත්‍රයකට අනුකූලව, ජාතික සංගමයක් ස්ථාපිත කළ හැකි ක්‍රීඩා ලැයිස්තුවට e-sports හෙවත් විද්‍යුත් ක්‍රීඩා කාණ්ඩය ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ e-sports ශූරයන් ඇගයීමට ලක්කරමින් ජාතික Esports සම්මාන උළෙලක් ද පසුගිය මස පැවැත්වුණා.





