28.1 C
Colombo
Friday, April 26, 2024

ගෝල්ෆේස් වෙත ගොඩගැසූ දෙවන මළසිරුර

- Advertisement -

අද (01) උදෑසන ගාලු මුවදොර වෙරළට තවත් මෘත දේහයක් ගොඩගසා තිබෙනවා.

මෙය වයස අවුරුදු 40 ක පමණ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් බවයි පැවසෙන්නේ.

අද අලුයම 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට මුහුදේ සිරුරක් පාවෙන බවට ලද තොරතුරක් මත කොටුව පොලිස් ස්ථානයේ පිරිසක් එම ස්ථානයට ගොස් තිබුණද අදාළ මළ සිරුර යළිත් නොපෙනී ගොස් තිබූ නමුත් අද උදෑසන අටට පමණ මෙම මළසිරුර ගාලු මුවදොර වෙරළට යළි ගොඩගසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

ඒ අනුව, කොටුව පොලිසිය මෙම මළ සිරුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි එම කාර්යාලය පවසන්නේ.

මීට දින කිහිපයකට ඉහතදී ද තරුණයෙකුගේ මළසිරුරක් ගෝල්ෆේස් වෙරළ තීරය වෙත ගොඩගසා තිබුණා.


RECENT ARTICLES - SINHALA

අනුර ස්වීඩනයට

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනය වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව...

කූට ලේඛන සකසා යතුරුපැදි අලෙවි කරන ජාවාරමක්

නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද යතුරුපැදි, ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කළ ස්ථාන තුනක් පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් වටලා තිබෙනවා. පොලිසිය...

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර තවත් ඍජු ගුවන් සේවයක්

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...