33 C
Colombo
Saturday, May 4, 2024

දකුණේ දේශපාලකයෙක් කොරියාවට යවනවා කියලා කෝටි 3 ක් අරන්

- Advertisement -

රජය හරහා විභාගයකින් තොරව කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා තිස්සමහරාමයේ දේශපාලනඥයෙකු විසින් තරුණයින් පන්සියයකට පුහුණුවක් ලබාදීමට කටයුතු කර තිබෙන බවට වාර්තා වනවා.

ඒ සඳහා කොළඹ මාකොල ප්‍රදේශයේ පැවැති දින හයක පුහුණුවට තරුණයින් හැට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි කරවාගෙන ඇති අතර එක් තරුණයකුගෙන් රුපියල් 40,000 බැගින් අය කරගෙන ඇති බව ඊට සම්බන්ධ වු තරුණයින් සඳහන් කර තිබෙනවා.

විභාගයකින් තොරව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් කඩිනමින් ලබාදෙන බවත් දිස්ත්‍රික්කයකට රැකියා පනහක් ලැබෙන අතර වතුකරයේ තරුණයින් කොරියානු රැකියා සඳහා පිටත් වුවහොත් දලු කැඩීමට බාධා වන හෙයින් වතුකරයට ලැබෙන රැකියා තිස්සමහාරාමයට ලබා ගැනීමට කටයුතු කළ බව දේශපාලනඥයා තරුණයින්ට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ඉල්ලීම පරිදි පුහුණුවට ගිය සෑම තරුණයෙකුම පොලිස් වාර්තාව ඇතුළු ලියකියවිලි අදාළ දේශපාලනඥයාට භාර දී මාස දෙකක් ගත වී ඇතත් තවමත් එක් තරුණයකු හෝ කොරියානු රැකියාව සඳහා යවා නොමැති බැවින් වියදම් වූ මුදල්වලටද අවිනිශ්චි තත්ත්වයක් ඇති වී තිබෙන බව තරුණයින් සඳහන් කරනවා.

පුහුණුව සතියකට එක් දිනක් පැවති අතර පුහුණුවට යන සෑම දිනකටම බස් රථයට රුපියල් 1500කුත් ආහාර පාන සහ වෙනත් වියදම් සමඟ මේ වන විට එක් තරුණයකුගෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසකට වැඩි මුදලක්ද වියදම් වී ඇති බවට ඔවුන් පේනවා දෙනවා.

RECENT ARTICLES - SINHALA

මාවුස්සා කැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...