29 C
Colombo
Saturday, July 27, 2024

රාජ්‍ය ඇමතිවරයෙක් හිඟමනට වැටිලා

- Advertisement -

දේශපාලනය හේතුවෙන් තමන්ගේ වත්කම් සියල්ල තමන්ට අහිමි වී දිළිඳු වූ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, නීතිඥ සිසිර ජයකොඩි පවසනවා.

ඒ, නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවනාගාරයේ දී ඊයේ (24) දින නවක හා පාරම්පරික දේශීය වෛද්‍යවරුන් 175 දෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකපත්‍ර පිරිනැමීමේ උත්සවයට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා.

“උපකාරක පන්ති ගුරුවරයකු ලෙස එදා මට තිබුණු ගෞරවය සහ මුදල් අද දේශපාලනඥයෙකු ලෙස මට අහිමි වෙලා තියෙනවා. එදා මගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යයෝ මට වැන්දා අද මේ ශිෂ්‍යයෝ ම ඇතැම් වෙලාවට මගෙන් අහනවා සර් මොකක්ද මේ කරගත්තේ කියලා. මට එදා යහමින් මිල මුදල් තිබුණා. නමුත් අද දේශපාලනයට ඇවිල්ලා මං ඒ දේවල් නැති කරගෙන තියෙනවා.”

ධම්මික නමින් පෙනී සිටි කෑගල්ල ප්‍රදේශයේ කපුවෙකු විසින් සාදන ලද, ව්‍යාජ කොවිඩ් පැණිය ප්‍රවර්ධනය කිරීමේ කටයුත්ත සඳහා පසුගිය සමයේදී රාජ්‍ය ය අමාත්‍ය සිසිර ජයකොඩි විසින් සක්‍රීයව දායක විය.


RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...