29 C
Colombo
Saturday, July 27, 2024

සිංහයෙක් වගේ හිටියට ගෝඨාභය පූස් පැටියෙක්..! – වෙල්ගම

- Advertisement -

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවතත් දේශපාලනයට නොපැමිණෙනු ඇතැයි තමන් සිතන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.

ඒ, ඊයේ (02) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ප්‍රශ්නය –

“ගෝඨාභය මහත්තයා නැවත ලංකාවට එනවා ?”

වෙල්ගම –

“අනේ හොඳයි. ආපු එක හොඳයි. ඒ මිනිහා ඉපදිච්ච රටනෙ. එයාගෙ නෝනා ඉපදිච්ච රටනෙ. මේ තැන්තැන් වල ගිහිල්ලා අසරණභාවයෙන් ඉන්නෙ නැතුව මෙහෙ ඇවිල්ලා එයාගෙ ගෙදරට වෙලා ඉන්න එක ඇත්තටම හොඳයි කියලායි මම හිතන්නෙ”

ප්‍රශ්නය –

“එතුමා දේශපාලනය නැවත කරයිද ?”

වෙල්ගම –

“මං හිතන්නෙ නෑ ආයෙත් දේශපාලනය කරයි කියලා. දේශපාලනය කරනවා නෙවෙයි, දේශපාලනය තියෙන තැනකවත් ඉන්න එකක් නෑ ඔය මනුස්සයා”

ප්‍රශ්නය –

“ඇයි ඒ ?”

වෙල්ගම –

“ඇයි කියන්නෙ ඉතින් පේන්නැද්ද ඒ මනුස්සයාට වෙච්චි වැඩේ. හැබැයි ඒ මිනිහා එක හොඳ වැඩක් කළා. ඒ මිනිහා නියපොත්තකින්වත් කාටවත් හීරුවෙ නෑ. නෝනාත් එක්ක යන්න ගියා රට දාලා, එච්චරයි. මම හිතුවෙත් සිංහයෙක් කියලා, බලනකොට පූස් පැටියෙක්”


RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...