29.6 C
Colombo
Sunday, April 28, 2024

ඥානසාර හිමිට ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක්

- Advertisement -

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.

කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් 2016 වසරේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකින් ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කළ බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ, හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස්පතිවරයාට කරන ලද පැමිණිලිවලට අනුවයි.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ නීතිපතිවරයා උන්වහන්සේට එරෙහිව චෝදනා 2ක් යටතේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

නඩුව ඊයේ (28) කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මෙම සිද්ධිය වූ වකවානුවේ රටේ පැවති වාතාවරණය පදනම් කරගෙන උන්වහන්සේ අදාළ ප්‍රකාශය සිදුකර තිබෙන බවයි.

මෙම ප්‍රශ්නගත ප්‍රකාශය විත්තිකරු විසින් අහම්බයකින් සිදුකළේ යැයි කිව නොහැකි බවත්, එය සිතාමතාම සිදුකර ඇති ආකාරයක් නඩු විභාගයේදී පැහැදිලි වූ බවත් මෙවැනි ප්‍රකාශවලින් ජාතීන් අතර පවතින සමගියට බාධා සිදුවන බවත් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එහිදී සඳහන් කර තිබුණා..

එමෙන්ම ආගමික නායකයෙකුට සමගිය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුණත් විත්තිකාර භික්ෂූන් වහන්සේ එම වගකීම පැහැර හැර ඇති බව ද විනිසුරුවරයා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව විත්තිකාර භික්ෂූන් වහන්සේට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට සනාථ වී ඇති බව පැවසූ විනිසුරුවරයා එම චෝදනා දෙකටම ඥානසාර හිමියන් වරදකරු බවට තීන්දු කළා.

එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ, එම දඬුවම් වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවයි.

එම නියෝගය පරිදි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කෙරුණු අතර
එක් එක් චෝදනාවට රුපියල් 50,000 බැගින් රුපියල් ලක්ෂයක දඩ මුදලක්ද විනිසුරුවරයා නියම කර තිබුණා.

එහිදී වැඩිදුරටත් නියෝග කෙරුණේ, එම දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව වසර දෙකක සිර දඬුවම් නියම කරන ලෙසයි.

මෙම දඬුවම සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන්නේ නම් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවද දඬුවම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විත්තිකරු ඇමතූ විනිසුරුවරයා පවසා තිබුණා.


RECENT ARTICLES - SINHALA

ව්‍යාජ රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු 3ක් පොලිස් දැලේ

කිලිනොච්චි ප්‍රදේශයේදී ව්‍යාජ රන් කැබලි බවට සැක කැබලි තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු සමග පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,...

ජනාධිපති ලේකම් කාර්‌යාලයෙන් විශේෂ නිවේදනයක්

ඇතැම් පුද්ගලයන් ආයෝජකයින්, රැකියා අපේක්ෂකයින් සහ විසා අයදුම්කරුවන් නොමඟ යවමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ තනතුරු ඉල්ලා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර වංචනික ලෙස මුදල් ලබා ගන්නා...

පොලිස් භාරයේ සිටි සැකකරුවෙක් පලා ගිහින්

පොලිස් නිලධාරීන් සිව් දෙනකු භාරයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පලා ගොස් ඇතැයි කොටහේන පොලිසිය...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...