29 C
Colombo
Wednesday, May 15, 2024

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩට එරෙහිව වාරණ නියෝගයක්

- Advertisement -

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුට හා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ යූටියුබ් නාලිකාව ඔස්සේ උඩුගත කිරීම වළක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හදුන්ගොඩ මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් නිකුත් කළා.

අදාල අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් මෙම වාරණ නියෝග නිකුත් කළා.

අදාළ වාරණ නියෝගය ලබන 10 වන දක්වා බලපැවැත්වෙන බවත් අධිකරණය සඳහන් කළා.

මේ දිනවල දැඩි මතභේදයට තුඩු දී තිබෙන එස්ප්‍රස් පර්ල් වන්දි නඩුව සම්බන්ධයෙන් අසත්‍ය කරුණු “එස්.එල් දේශය ” නැමැති යූටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රචාරය කිරීමද මෙම වාරණ නියෝගය තුළින් තහනම් කර තිබෙනවා.

පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවෙර ද සොයිසා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරු විසින් පසුගිය 20 වැනි දින අදාළ අසත්‍ය තොරතුරු සහිත වීඩියෝවක් යූටියුබ් නාලිකාවට උඩුගත කර ඇති බවයි .

ඒ තුළින් සිය සේවාදායකයින් ට වැඩි අපහාසයක් සහ අගතියක් සිදු වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එසේ අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීම තුළින් පැමිණිලිකරුවන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක හා රුපියල් මිලියන 500 බැගින් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා මෙම පැමිණිලි දෙක මගින් ඉදිරිපත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විජේදාස ගැන තීරණාත්මක නඩු තීන්දුවක් අද

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම්...

CID සහ PHI නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් කළ 03 අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් සිදුකල පුද්ගලයන් තුන්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන්...

සා. පෙළ විභාග මධ්‍යස්ථානයේ සිසුන්ගේ වලියකට මැදි වූ මවක් අත්අඩංගුවට

අනුරාධපුර සහිරා විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පැවැත්වෙන විභාග මධ්‍යස්ථානයක ඊයේ (14) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, එම විද්‍යාලයේ සිසුවෙකුගේ මවක් අදාළ විභාග මධ්‍යස්ථානයට අනවසරයෙන් ඇතුළු...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...