33 C
Colombo
Thursday, May 2, 2024

ලලිත් කොතලාවලට අතුරු තහනම් නියෝගයක්

- Advertisement -

පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂ ධුරයක් දැරීම වළක්වමින් ගෝල්ඩන් කී සමුහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂ ලලිත් කොතලාවල මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ (23) නිකුත් කරනු ලැබුවා.

එස්. ඇන්ඩ්. එල්. ප්‍රොපටි ඩිවලොප්මන්ට් සමාගමේ කොටස් අනීතිකව හා වංචනිකව පවරා ගෙන ඇති බව සඳහන් කරමින් පැවරූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම අතුරු නියෝගය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අතුරු නියෝගය නිකුත් කර ඇත්තේ සමාගමේ කොටස් වෙනත් පාර්ශවයකට පැවරීම වළක්වාලමිනි.

පෙත්සම්කරුගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති ෆයිසර් මුස්තාෆා මහතා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ වගඋත්තරකාර ලලිත් කොතලාවල මහතා විසින් සමාගමට අයත් වටිනා ඉඩමක ඔප්පුවක් අනිතිකව සකස් සමාගමේ කොටස් පවරා ගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

වරායෙන් වාර්තාවක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම වසරේ පළමු කාර්තුවේදී වාර්තාගත බහාලූ මෙහෙයුම් ධාරිතාවක් ලබාගෙන ඇතැයි එම අධිකාරිය පවසනවා. පසුගිය වසරේ පළමු කාර්තුවේදී බහාලු මෙහෙයුම් ප්‍රමාණය 441,032 ක්...

පරාටේ නීතිය ගැන විශේෂ තීරණයක්

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල් කාරක සභාව පෙන්වා...

UNPයට සහ පොහොට්ටුවට මෝදිගේ පක්ෂයෙන් ආරාධනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ට ආරාධනා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...