33 C
Colombo
Thursday, May 2, 2024

ප්‍රශ්නගත ඖෂධ සිද්ධියට අදාළව තවත් පෙත්සමක්

- Advertisement -

හියුමන් ඉමියුනෝග්ලෝබියුලීන් ඇතුළු ඖෂධ වර්ග කිහිපයක් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මිලදී ගැනීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ත්බෙනවා.

ඒ අනුව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 66 දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

එම ඖෂධ මිලදි ගැනීමේ ක්‍රියාවලියේදී මුල්‍යමය හෝ වෙනත් වාසි ලබාගත් පුද්ගලයින් හඳුනාගැනීම සඳහා විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්කාර පාර්ශ්වය ඉල්ලා තිබේ.

එමෙන්ම වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් වන්දි අයකිරිමේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ පෙත්සමෙන් ඉල්ලා ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය. 

RECENT ARTICLES - SINHALA

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

ඇල්ල – කරඳගොල්ල නායයෑම් අවදානම පාලනයට පියවර

ඇල්ල, කරඳගොල්ල නායයෑමේ අවදානම කෙටි කාලයක් තුළ පාලනය කළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධ‍න මහතා පැවසුවා. ඔහු මේ බව...

විරෝධතාවයක් නිසා ලෝටස් පාර අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...