අරණායක – මාවනැල්ල ප්‍රධාන මාර්ගය කප්පාගොඩ ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.
අධික වර්ෂාවත් සමඟ ගසක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි වාර්තා වෙන්නේ.
එම ගස කඩාවැටීමෙන් අධිබලැති විදුලි රැහැන් පද්ධතියකට හනි සිදුවී ඇති බවද සඳහන්.
මේ වනවිට ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන් අවහිර වී ඇති බැවින් මාවනැල්ල සිට අරණායක දෙසට ගමන් ගන්නා සියලු ජනතාවට වැලිගල්ල හරහා උස්සාපිටිය මාර්ගය භාවිත කරන ලෙස මාවනැල්ල පොලීසිය දැනුම් දෙනවා.