28.1 C
Colombo
Friday, April 26, 2024

මළගෙදරට ආ කොරෝනා රෝගියා මිය යයි. 40ක් නිරෝධායනයට.

- Advertisement -

බලන්ගොඩ – කිවුලවෙල ප්‍රදේශයේ පැවති අවමඟුල් උත්සවයකට පැමිණි පුද්ගලයකුට කොවිඩ් 19 වෛරස ආසාදනය වී මිය යැමෙි සිද්ධියක් හේතුවෙන් බලන්ගොඩ රාස්සගල මාර්ගයේ කිවුලවෙල ප්‍රදේශයේ පවුල් 10 සාමාජිකයින් 40 දෙනෙකු ඊයේ (03) ස්වයං නිරෝධායනයට යොමු කල බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර පළමු පටුමගේ, ගොළුවාවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.
මොහු පසුගිය 29 වැනිදා බලන්ගොඩ රාස්සගල මාර්ගයේ කිවුලවෙල ප්‍රදේශයේ තිබු අවමඟුල් උත්සවයකට පැමිණ ආපසු රත්නපුර ප්‍රදේශයට ගො‍ස් තිබුණා.
පසුව ඉකුත් 30 වැනිදා ඔහු නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරයේ තවත් පරිසක් සමග සාදයක්ද දමා ඇති අතර එහිදී ඔහු එහිදී ලිස්සා වැටිම හේතුවෙන් නහරක් පුපුරා රත්නපුර රෝහලට ඇතුළත් කර තිබුණා.
රත්නපුර ශික්ෂණ රෝහලේදී සිදු කල ක්ෂණික ප්‍රතිදේශ පරික්ෂණයේදී මෙම පුද්ගලයා හට කොවිඩ් 19 වෛරස ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරීවරයා පවසනවා.
ඔහු වැඩිදුර ප්‍රතිකාර සදහා හෝමාගම රෝහල වෙත මාරු කර යැවිමෙන් පසු ජනවාරි 02 දා රාත්‍රියේ මියගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස දැනුම්දිමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා. කෙසේවෙතත් ඊයේ (25) නඩුව...

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා අසාර්ථකයි

වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් නොපැමිණීම හේතුවෙන් වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා පැවැති දෙවැනි සාකච්ඡා වටයද අසාර්ථක වී තිබෙනවා. පසුගිය 10 වැනිදා වතු වෘත්තීය සමිති...

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...