30.3 C
Colombo
Friday, April 26, 2024

බන්දුලට කොරෝනා – ජනපති සහ අගමැතිවත් ඊයේ හමුවෙලා

- Advertisement -

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඊයේ දින සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් ඒ බව තහවුරු වූ බවයි සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ මහතා පවසන්නේ.

එබැවින් පසුගිය සතියක කාලය තුලදී තමාගේ ආශ්‍රිතයන් වූ පිරිසට නිරෝධායනය වන ලෙසට ඔහු ඉල්ලා සිටිනවා.

බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (27) දින අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමට සහභාගී වූ අතර මීට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ‍රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුලේ, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා,විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැනි මහත්ම මහත්මීන් සහභාගීව සිටීම විශේෂයක්.

මුඛාවරණ පැළඳීමේදී එය කට සහ නාසය යන දෙකම වැසෙන පරිදි පැළැඳිය යුතු වුවත් මුදල් අමාත්‍යවරයා එම සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන බවක් පෙනෙන්නට තිබුණේ නෑ.

May be an image of 1 person, sitting, standing and indoor
May be an image of one or more people, people standing, people sitting and indoor

RECENT ARTICLES - SINHALA

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

බලශක්තියට නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...