29.1 C
Colombo
Thursday, April 25, 2024

බැසිල් නිරෝධායන සහන බඩු මල්ල සීමා කරයි..! – ග්‍රාම නිලධාරීන්ගේ විරෝධය

- Advertisement -

නිරෝධායනයවන පුද්ගලයන් සඳහා අබා දෙන සහන බඩු මල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් ලබා දීමට රජය විසින් තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, ආර්ථික පුනර්ජීවන සහ දරීද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සම ලේකම්වරයාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක දැක්වෙන්නේ සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා රජයෙන් ලබා දෙන රුපියල් දස දහසක් වටිනා වියළි ආහාර සලාකය අද (25) සිට අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් ලබා දිය යුතු බවයි.

කෙසේ වෙතත්, උද්ගතවී ඇති ව්‍යසනකාරි තත්ත්වය හමුවේ නිරෝධායනයට ලක් කර සිටින පවුල් සඳහා බේදයකින් තොරව ලබා දෙමින් තිබෙන මෙම වියලි ආහාර සලාකය අඩු ආදායම්ලාභී පවුල් වලට පමණක් ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ඉතා අසීරු කරුණක් බව ග්‍රාම නිලධාරීන් පෙන්වා දෙයි.

රජයේ නිර්ණායක වලට අනුව රුපියල් තුන්දහසක මාසික ආදායමක් උපයන පවුල් අඩු ආදායම්ලාභි පවුල් ගණයට ඇතුළත් වන බවද එවැනි ආදායම් උපයන පවුල් වර්තමානයේ රට තුළ සොයා ගැනීමට නොමැති බව පෙන්වා දෙන ග්‍රාම නිලධාරීන් ඒ අනුව මෙවැනි චක්‍රලේඛයක් ක්‍රියාත්මක කිරීම අපහසු බව පවසා සිටියි.

රජය විස්සින් නොමිලේ ලබා දෙන මෙම බඩු මල්ල ඇති හැකි බේදයකින් තොරව නිවසින් පිටව යාමට නොහැකිව සිටින නිරෝධායනයට යොමුකර සිටින සෑම පවුලකටම ඉතා වටිනා බවද ඒ අනුව අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් මෙය ලබා දීම අනෙකුත් පවුල් සඳහා කරන අසාධාරණයක් බවද ග්‍රාම නිලධාරීන් සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කර තිබේ.

ජනාධිපති විශේෂ නියෝජිත, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කාර්ය සාධක බලකායේ සභාපතිත්වය හොබවයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා සහ ඩී.එස්. ජයවීර මහත්වරු සම ලේකම්වරු වෙති.

කාර්ය සාධක බලකායේ සාමාජිකයන්ගේ සම්පූර්ණ නාම ලේඛනය මෙසේය,

  • බැසිල් රජපක්ෂ මහතා – ජනාධිපති විශේෂ නියෝජිත
  • ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
  • ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී/ යුද හමුදාපති
  • සී.ඩී. වික්‍රමරත්න මහතා – වැඩබලන පොලිස්පති
  • මේජර් ජනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක මහතා-සභාපති, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය
  • ජේ.ඒ. නුෂාඩ් එම්. පෙරේරා මහතා – සභාපති, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව
  • සුසන්ත රත්නායක මහතා – සභාපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
  • ජයන්ත දි සිල්වා මහතා – සභාපති, ශ්‍රි ලංකා තොරතුරු හා සංනිවේදන
  • තාක්ෂණ නියෝජිත ආයතනය
  • කිමාලි ප්‍රනාන්දු මහත්මිය – සභාපති, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
  • ජයම්පති මොල්ලිගොඩ මහතා – සභාපති, ශ්‍රී ලංකා තේ මණ්ඩලය
  • ප්‍රභාත් සුබසිංහ මහතා – සභාපති, අපනයන සංවර්ධන මණ්ඩලය
  • ඒ.විමලවීර මහතා – කම්කරු කොමසාරිස් ජනරාල්
  • එස්. සිංගප්පුලි මහතා – සමූපකාර සංවර්ධන කොමසාරිස්රියාර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් මහතා- අධ්‍යක්ෂ ජනරාල්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
  • මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී. විජිත රවිප්‍රිය මහතා- අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රි ලංකා රේගුව
  • බන්දුල තිලකසිරි මහතා – අධ්‍යක්ෂ ජනරාල්, සමෘද්ධි සංවර්ධන
  • දෙපාර්තමේන්තුව
  • සංජය මොහොට්ටාල මහතා – අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
  • මේජර් ජනරාල්(විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා- අධක්ෂ ජනරාල්, ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය
  • මහේෂ් ගම්මන්පිල මහතා – අධ්‍යක්ෂ, පොහොර ලේකම් කාර්යාලය
  • බුද්ධික මඩිහහේවා මහතා – සාමාන්‍යාධිකාරී, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
  • රොහාන් සෙනෙවිරත්න මහතා – අතිරේක සාමාන්‍යාධිකාරී, ලංකා විදුලිබල මණ්ඩලය
  • මනෝ සේකරම් මහතා – අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, ශ්‍රී ලංකා තොරතුරු හා
  • සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනය
  • මේජර් ජනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා මහතා-
  • සංජිව ගුණවර්ධන මහතා – විධායක නිලධාරී, ඊ.ඩබ්ලිව්. ක්‍රේසි සහ සමාගම
  • සමන්ත කුමාරසිංහ මහතා – අධිපති, නේචර්ස් සික්‍රට් ආයතනය
  • මහේෂ් අමලියන් මහතා – සභාපති, මාස් හෝල්ඩිංග්ස්
  • ආචාර්ය රවී ලියනගේ මහතා – සභාපති, රයිගම් මාර්කටින් සර්විසස් (පුද්) සමාගම
  • පද්මලාල් විතානගේ මහතා – කළමනාකාර අධ්‍යක්ෂ, සැන්මික් සමූහ ව්‍යාපාරය
  • එස්.බී. දිවාරත්න මහතා – විශ්‍රාමික නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්
    අග්‍රාමාත්‍ය ලේකම් හා මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, මාර්ග සහ මහාමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා සහ පළාත් පාලන, වැවිල් කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ, විදුලිබල හා බලශක්ති, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන, නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්, ආරක්ෂක, අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතභාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශ ලේකම්වරු

මුලාශ්‍රය: www.pmdnews.lk


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...