28.9 C
Colombo
Saturday, April 27, 2024

අජිත් රෝහණ මහතා දැඩි සත්කාර ඒකකයේ සිටින ආකාරයෙන් පලවන ඡායාරූපයේ ඇත්ත කතාව (වීඩියෝ)

- Advertisement -

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිතව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඒ මහතාගේ අසනීප තත්ත්වය වාර්තාවීමත් සමඟම ඇතැම් සමාජ මාධ්‍යවල පලවුණේ ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සමීපතමයන් තහවුරු කළේ අජිත් රෝහණ මහතා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පුවත අසත්‍යක් බවයි.

මේ අතර මේවනවිට සමාජ මාධ්‍යයන්හී අජිත් රෝහණ මහතා දැඩිසත්කාර ඒකකයේ අපහසුවෙන් හුස්ම ගනිමින් සිටින ආකාරයේ ඡායාරූපයක් හුවමාරු වනවා.

පොලිස් මිතුරෝ (2) නම් ශ්‍රී ලංකා පොලීසියට අදාළ පුවත් පලකරන ෆේස්බුක් කණ්ඩායමක (Group) කුමාර අයියා නමින් පුද්ගලයෙකු “ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාගේ තත්වය මේ…” යනුවෙන් පහත සටහන පලකර තිබුණා.

කෙසේ වෙතත් අදාළ ඡායාරූපය පිළිබදව News19 කළ සොයාබැලීමේදී වාර්තාවූයේ මෙම ඡායාරූපයේ සිටින්නේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නොව වෙනත් රටක පුද්ගලයෙකු බවයි.

ඔහුද කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිට මේ වන විට සුවය ලබා සිටින පුද්ගලයෙකු වන අතර ඔහු ටික්ටොක් යෙදුමේ (App) සක්‍රීය සාමාජිකයෙකුද වනවා.

ඒ අනුව tiago arieiv නැමැති මෙම පුද්ගලයා තමන් කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේ ලබාගත් දර්ශන ටික්ටොක් යෙදුමට (App) වරින්වර එක්කර තිබුණා.

එම දර්ශන පහතින්,

https://fb.watch/7BETYWuqu-/


RECENT ARTICLES - SINHALA

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...