29.6 C
Colombo
Sunday, April 28, 2024

බැල්ටිමෝ අනතුරින් අතුරුදන් වූ දෙදෙනෙකුගේ සිරුරු හමු වෙයි

- Advertisement -

පසුගිය අඟහරුවාදා (26) අමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේදී ශ්‍රී ලංකාව බලා එමින් තිබූ නෞකාවක් පාලමක ගැටී සිදුවූ අනතුර හේතුවෙන් අතුරුදන්ව සිටි දෙදෙනෙක්ගේ සිරුරු සහන කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා.

එහෙත්, ගඟ තුළ තවත් සිරුරු 4ක් ඇති බවට සැලකෙන අතර ඒවා ඉවත් කිරීම අපහසු කාර්යක් බව සහන කණ්ඩායම් පවසනවා.

ඊට හේතුවී ඇත්තේ පාලමෙහි යකඩ සහ කොන්ක්‍රීට් ගං පතුලේ විසිරී තිබීම බවයි වාර්තා වන්නේ.

එබැවින් අතුරුදන්ව සිටින අනෙක් අයගේ සිරුරු සොයාගැනීම කල්ගත විය හැකි බව වාර්තා

නෞකාව පාලමෙහි ගැටීමත් සමගම එය ගඟට කඩා වැටුණු අතර ඒ අවස්ථාවේ පාලමේ නඩත්තු කටයුතු කරමින් සිටි සේවකයින් 8 දෙනෙක් ගඟට වැටී තිබුණා.

ඉන් දෙදෙනෙක් බේරාගෙන රෝහල් ගත කිරීමට සහන සේවකයින් කටයුතු කර තිබුණා.

අතුරුදන්ව සිටි 6 දෙනාගෙන් සිව් දෙනෙකුගේ තොරතුරු මේරිලන්ඩ් ප්‍රාන්ත බලධාරීන් විසින් හෙළිදරව් කර ඇති බවයි විදෙස් මධ්‍ය පෙන්වා දෙන්නේ.

මේ වන විට සිරුරු සොයාගෙන ඇත්තේ ඇලෙයැන්ද්‍රෝ හර්නැන්දස් ෆුයෙන්ටස් 35 හැවිරිදි මෙක්සිකෝ ජාතිකයෙක් සහ 26 හැවිදිරි ඩොර්ලියන් රෝනියල් වන ග්වතමාලා ජාතිකයෙක්.

මිගුවෙල් ලුනා (එල් සැල්වදෝරය) සහ මෙනොර් සුවාසෝ (හොන්ඩුරාස්) ලෙස හඳුනාගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා ද අතුරුදන් බවයි වාර්තා වන්නේ.
  

RECENT ARTICLES - SINHALA

වන විනාශය ගැන හොයන්න විශේෂ කණ්ඩායම්

දිවයින පුරා සිදුවන වන විනාශයන් පිළිබද සොයා බැලීම සදහා විශේෂ කණ්ඩායම් යොදවා ඇතැයි වන සං‍රක්ෂණ දෙපාර්තුමේන්තුව පවසනවා. වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන්...

ලෝකෙට ගැළපෙන නායකයා රනිල් – වජිර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වීමට මේ වන විට තීරණය කර අවසන් බවත්, එම ජනාධිපතිවරණය මෙරට ඉතිහාසයේ සිදු වන ඓතිහාසිකම ජයග්‍රහණය බවත් එක්සත් ජාතික පක්ෂ...

සාදයක් අතරතුර වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණිය මරුට

මින්නේරිය පොලිස් වසමේ යාය 04, ගිරිතලේ ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි 17 හැවිරිදි තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම තරුණිය පොළොන්නරුව රෝහලේ...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...