25 C
Colombo
Tuesday, April 30, 2024

බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් 

- Advertisement -

මෙරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇති බව රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

කෙසේවෙතත්, දෙපාර්ශ්වයටම එකඟතාවයකට පැමිණිය හැකි පොදු පදනමක් ඇති කරගැනීමට ඉදිරි සති කිහිපය තුළ කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ අභිලාෂය බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර බැඳුම්කරහිමියන් සමඟ පැවති සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ දැනුවත් කරමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඊයේ (16)  පැවසුවේ, පසුගිය මාර්තු මස අවසානයේ දී ලන්ඩන් නුවර පැවති සාකච්ඡාවලදී කරුණු 4ක් සම්බන්ධයෙන් ගැටලුකාරීත්වයක් පැන නැඟුණු බවයි.

කෙසේවෙතත්, ඉන් කරුණු දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බවත් සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවත් සාගල රත්නායක මහතා සඳහන් කළා.

මේ අතර මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය අද නිවේදනය කළේ, ශ්‍රී ලංකාව විසින් පියවිය යුතු මෙරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධයෙන් එම බැඳුම්කරහිමියන්ගේ නියෝජිත කමිටුව සමග පසුගිය සති තුන මුළුල්ලේ පැවැත්වූ මූලික වටයේ සාකච්ඡා අවසන් කළ බවයි.

එම සාකච්ඡාවලදී ප්‍රතිව්‍යුහගතකරණ කොන්දේසි පිළිබඳ අවසන් එකඟතාවක් ඇති නොවූ බව සඳහන්.

කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා ණය වැඩසටහනේ දෙවැනි ඇගයීම සලකා බැලීමට පෙර ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරහිමියන් සමග පොදු එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරහිමියන් සඳහා පියවිය යුතු මුළු ණය මුදල ඇස්තමේන්තු කර ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 12ක් ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව වැඩ පටන් අරන්.විපක්ෂයේ හතකට මත්පැන් බලපත්‍ර

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනව බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මෙසේ...

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...