27 C
Colombo
Monday, April 29, 2024

බූරු මූණා අත්අඩංගුවට

- Advertisement -

කටුනායන ගුවන් තොටුපළ පොලිසිය භාරයේ සිටිය දී පලා ගිය ඝාතන කිහිපයකට සම්බන්ධ රවිදු වර්ණරංග හෙවත් බූරු මූණා අවිස්සාවෙල්ල අධිකරණයට භාර වීමට පැම්ණෙන අතරතුර දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය වසරේ හංවැල්ල – හරස් පාර ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු වන මොහු ගාල්ල, බෝපේ – පෝද්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඉකුත් පෙබරවාරි 24 වැනි දා රහසිගත ව විදේශගත වීමට උත්සාහ කිරීමේ දී කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන නිලධාරීන් මොහුව අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපල පොලිසිය වෙත භාරදී තිබූ අතර සැකකරු ඉන් සූක්ෂම ලෙස හිමිවරුන් දෙදෙනෙකුගේ උපකාරය ඇතිව ඉන් පළාගොස් තිබෙනවා.

මේ අතර මොහුව කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ රදවා සිටිය දී මුදාගෙන රැගෙන ගිය අවුරුදු 38 හා 41 යන වයස්වල පසුවන භික්ෂූන් වහන්සේ දෙනම බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය මගින් ඉකුත් (27) උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා.

බස්නාහිර පළාත් දකුණ දිසාව විසින් සිදුකළ කරුණු දැක්වීමෙන් අනතුරුව අවිස්සාවේල්ල මහාධිකරණය විසින් සැකකරුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙන බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...