කංසා නීතිගත කරන ලෙස ඉල්ලමින් පිරිසක් මේ වන විට ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවයට එක්ව කදවුරු බැදගෙන සිටිනවා.
එම පිරිස ඉල්ලා සිටින්නේ පරදේශීන් පැනවූ කංසා තහනම ඉවත්කර ජාතික සෞඛ්‍ය සහ ආර්ථිකය ගොඩනගන ලෙසයි.
ඔවුන් මේ වන විට එම ස්ථානයේ කූඩාරමක්ද සාදාගෙන තම ඉල්ලීම් සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් සිටිනවා.

