තමාට සිය මන්ත්‍රී වැටුප පරිත්‍යාග කිරීමට නොහැකි බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේ බැංකු ශාකාවකින් තමා ණය මුදලක් ලබාගැනීම හේතුවෙන් අගෝස්තු වැටුප පරිත්‍යාග කිරීමට තමාට නොහැකි බව ඔහු පවසනවා.
මේ වන විට පක්ශ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් සිය වැටුප කොවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා.
අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මෙන්ම සමගිජන බලවේගයේ මන්ත්‍රීවරුන්ද තම වැටුප පරිත්‍යාග කරන බවට පවසා තිබෙනවා.