28 C
Colombo
Saturday, July 27, 2024

රාගම ශික්ෂණ රෝහලේ කොරිඩෝ පුරාත් කොවිඩ් ලෙඩ්ඩු (වීඩියෝ)

- Advertisement -

කොවිඩ් ආසාදිත රෝගීන් නැවත වරක් වැඩි වශයෙන් වාර්තාවීම නිසා රාගම ශික්ෂණ රෝහලේ ඇඳන් ධාරිතාවය ඉක්මවා ගොස් තිබෙනවා.

එම රෝහලේ 26 හා 30 යන වාට්ටුවල කොවිඩ් ආසාදිත රෝගීන් මේ වන විට අදාළ වාට්ටුවල කොරිඩෝ තුළද වැතිරී නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මේ පිළිබදව විමසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ ඕනෑම රෝහලක අනපේක්ෂිත අවස්ථාවකදී වැඩිපුර නේවාසික රෝගීන් පැමිණීමේදී මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

මේ පිළිබදව වගකීම අදාළ රෝහලේ පාලනාධිකාරිය සතුවන බවද ඔහු සදහන් කළා.

වෙනත් වසංගත තත්ත්වයන් තුළදීද රෝහල්වල සාමාන්‍ය තත්ත්වය මෙබදු ආකාරයක් ගන්නා බවද වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළා.


RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...