24 C
Colombo
Tuesday, May 21, 2024

දමිතා සහ සැමියා අල්ලන්න කලින් ඇප ඉල්ලලා

- Advertisement -

ගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට කොරියානු රැකියා පෙන්වා රුපියල් ලක්ෂ 30ක් වංචා කළ බවට චෝදනා එල්ල වී තිබෙන අතර ඔවුන් නීතිඥවරයෙක් මාර්ගයෙන් අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් ගොනු කර ඇති බවයි වාර්තා වනවා.

පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇතත් 2754/23 චක්‍ර ලේඛනයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ හැක්කේ මිලියන 25 ට වැඩි වංචා පැමිණිලි පමණක් බව දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා ඇති අතර අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය විමසීම අවසන් වන තෙක් වරෙන්තුවක් නොමැති දමිතා සහ ඇගේ සැමියා අත්අඩංගුවට නොගන්නැයි අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයේ විමසීම අවසන් වනතෙක් වරෙන්තුවක් නොමැතිව දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අත් අඩංගුවට නොගන්නා ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට එළඹෙන 6 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පිස්කල්වරයා මාර්ගයෙන් නොතීසි නිකුත් කිරීමටත් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

සාපෙළ ලියද්දී අසාධාරණයට ලක්වූ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසම හමුවට

මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතරතුර අසාධාරණයකට ලක් වූ සිසුන් පිරිසක් අද (20) ප්‍රකාශ ලබාදීම සඳහා මානව හිමිකම්...

කළුතර වෙඩි තැබිමක්

කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙන බව පොලිසිය පවසනවා. ටී-56 ගිනිඅවියකින් නිවස තුළ...

හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා රජය විසින් හෙට (21) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කළේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් එම තීරණය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...