32 C
Colombo
Friday, April 19, 2024

කොවිඩ් ආසාදනය වී මිය ගිය දින 20 බිළිදාගේ දෙමාපියන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

- Advertisement -

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය දින 20 ක් වයසැති බිළිඳෙකු ආදාහනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් එම බිළිඳාගේ මව සහ පියා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

තොටලඟ, ෆර්ගියුෂන් පාරේ පදිංචි එම බිළිඳාගේ පියා වන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆාහීම් සහ මව පාතිමා ශෆ්නා අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු 7 දෙනෙකු නම් කර ඇත.

දින 20 ක් වයසැති සිය දරුවාට හදිසියේ උණ රෝගය වැළදීම නිසා දෙසැම්බර් 7 වන දින කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ බවත් එහිදී වෛද්‍යවරුන් විසින් දරුවාට ප්‍රතිකාර ලබාදුන් බවත් අනතුරුව කොවිඩ් ආසාදනය වී බිළිදා මියගිය බව රෝහල් බලධාරීන් තමන්ට දැනුම් දුන් බවත් තමන්ගේ අනුමැතියකින් තොරව තම දරුවා හදිසියේ ආදාහනය කිරීමට පියවරගත් බවත් පෙත්සමේ සදහන් කර ඇත.

කොවිඩ් හේතුවෙන් මරණයට පත්වූ පුද්ගලයින්ගේ මළසිරුරු ශීතාගාරවල රඳවා තිබීමට මේ වන විට කටයුතු කර ඇති නමුත් තම දරුවාගේ මෘතදේහය පමණක් හදිසියේ ආදාහනය කිරීම සැකසහිත ගැටලු සහගත තත්ත්වයක් බව පෙත්සම්කරුවන් පවසා ඇත.

තම මියගිය දරුවා නැවත PCR පරීක්ෂණයකට භාජනය කරන ලෙස තමන් ඉල්ලීමක් කළ බවත් රෝහල් බලධාරීන් එම ඉල්ලීමට එකඟ වු නමුත් දෙවන PCR පරීක්ෂණය සිදු නොකළ බවත් පෙත්සමේ සදහන් වී ඇත.

දරුවා රෝහල්ගත කළ අවස්ථාවේ සිට ආදාහනය කිරීම දක්වා කාලසීමාව තුළ ලබාදුන් සියලු ප්‍රතිකාර හා ඊට සම්බන්ධ සියලුම වෛද්‍ය වාර්තා කැඳවා විමර්ශනයක් සිදුකරන ලෙස ද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

විධිමත් පරීක්ෂණයකින් තොරව තමන්ගේ අනුමැතිය නොමැතිව සිය දරුවා ආදාහනය කිරීම සිය ආගමික විශ්වාසයන්ට පටහැනි අතර මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

පියාගේ කතාව

RECENT ARTICLES - SINHALA

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...