29.4 C
Colombo
Friday, April 26, 2024

ධම්මික පෙරේරා පොහොට්ටුවට – ධම්මිකගේ කොටස් මිල ඉහළට

- Advertisement -

කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව එම පක්ෂය පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අතින් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් බවයි වාර්තා වන්නේ.

මේ අතර, කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් ඊයේ (09) දිනයේ දී වාර්තා විය.

එහිදී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම නම් මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බහුතර කොටස් හිමිකාරීත්වය දරනු ලබන සමාගම් රැසක කොටස් මිල ගණන්වල කැපී පෙනන වර්ධනයක් දක්නට ලැබීමයි.

වැලිබල් වන් සමාගමේ කොටස් මිල 20% කින්, වැලිබල් ෆිනෑන්ස් සමාගමේ කොටස් මිල 15.97% කින්, ස්විස්ටෙක් (සිලෝන්) සමාගමේ කොටස් මිල 14.40% කින්, රෝයල් සෙරමික් සමාගමේ කොටස් මිල 10.49% කින්, ඇලුමෙක්ස් සමාගමේ කොටස් මිල 9.68% කින්, හේලීස් ලෙෂර් සමාගමේ කොටසක මිල 7.24% කින්, හේලීස් පිඑල්සී කොටස් මිල 6.64% කින්, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් කොටස් මිල 6.50% කින්, රෙග්නිස් (ලංකා) කොටස් මිල 5.43% කින් ආදී වශයෙන් පෙර දිනයට සාපේක්ෂව කැපීපෙනෙන අයුරින් මිල ඉහළ ගිය සමාගම් වේ. මේ සමාගම් සියල්ලක්ගේ ම පාහේ පාලක කොටස් හිමිකාරීත්වය පවතින්නේ ධම්මික පෙරේරා මහතා සතුවය.

සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩිම දායකත්වයක් දෙන ලද සමාගම් අතර පෙරමුණ ගැනීමට ද ධම්මික පෙරේරා මහතාට අයත් රෝයල් සෙරමික්, වැලිබල් වන් හා හේලීස් යන සමාගම් අද දිනයේ දී සමත්ව තිබුණි.

ධම්මික පෙරේරා ඔහුට අයත් සියලු සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති නමුත් තවමත් අදාල කොටස් පවතින්නේ ඔහු සතුවයි.


RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

අයිස් සමග හසුවූ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුන් හතර දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26)...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...