33 C
Colombo
Saturday, May 4, 2024

ජනපතිගෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන අනාවරණයක්

- Advertisement -

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉන්දියාවේ ෆස්ට් පෝස්ට් වෙබ් අඩවියේ යූ ටියුබ් නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර තිබුණා.

ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග පසුගියදා චෝදනා කළේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා මෙරට ක්‍රිකට් පාලනය කරන බවයි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බව සඳහන් කළ ජනාධිපති වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයාට එම ගැටලුව ගැන කතා කළ බවයි.

“ඔවුන් හිතන්නේ ෂා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට උදව් කරන බවයි. මම ෂා ට කතා කළා, කනගාටුව ප්‍රකාශ කළා ඔහුගේ නම මේ ප්‍රශ්නයට ඈඳීම ගැන…”

“මගේ ස්ථාවරය තමයි නීත්‍යානුකූල පාර්ශ්වයට මම සහාය දෙනවා. ඒ මේ කණ්ඩායම නම් ඔවුන්ට මගේ සහාය ලැබෙනවා. එසේම නීත්‍යානුකූල කණ්ඩායම අනෙක් අය නම්, මම ඔවුන්ට සහාය දෙනවා. නීත්‍යානුකූල වන්නේ තුන්වැනි කණ්ඩායමක් නම් මම සහාය වන්නේ ඔවුන්ට. එය මම නොවෙයි තීරණය කරන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්….” 

ICC තහනම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වීමට ඉඩ ඇති බවට තමාට තේරුම් ගිය බවයි.

RECENT ARTICLES - SINHALA

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...