33 C
Colombo
Sunday, May 5, 2024

Breaking: දුමින්ද සිල්වා අත්අඩංගුවට..!

- Advertisement -

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටි දුමින්ද සිල්වා ජනාධිපති සමාවෙන් නිදහස් වූ නමුත් එම සමාව අත්හිටුවීමට ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් අනතුරුව දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිටියදීයි.

පසුගිය දිනවල විදෙස් ගතව සිටි ඔහු මීට දින කිහිපයකට පෙර යළි දිවයිනට පැමිණ ඇති අතර අනතුරුව ඔහු සුපුරුදු ලෙස ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් වී තිබෙනවා.

වලිප්පුව හෙවත් අපස්මාර රෝගී තත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

කෙසේ වෙතත් ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුවෙන් පසු නීතිපතිවරයා ද පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණේ වහාම දුමින්ද සිල්වාව අත්අඩංගුවට ගන්න ලෙසයි.

දුමින්ද සිල්වා වෙත ලබා දුන් ජනාධිපති සමාව අභියෝගයට ලක්කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගනිමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය උක්ත තීන්දුව ලබා දුන්නේ.

ඒ අනුව, එම නඩු විභාගය අවසන් වන තෙක් දුමින්ද සිල්වා වෙත ලබා දී තිබූ දඬුවම යළි ක්‍රියාත්මක වනු ලබයි.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...