33 C
Colombo
Saturday, May 4, 2024

යූරෝ කුසලානය – ඩෙන්මාර්කය සහ ඉතාලිය අර්ධ අවසන් පූර්ව වටයට

- Advertisement -

යූ⁣රෝ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටය ආරම්භ කරමින් වේල්සය සහ ඩෙන්මාර්කය අතර තරගය ඊයේ පැවැත්වුණා.

තරගයේ 27වන මිනිත්තුවේදී Kasper Dolberg ලබා ගත් ගෝලයත් සමග පළමු අර්ධය අවසන් වනවිට 1-0 ක් ලෙස පෙරමුණ ගන්නට ඩෙන්මාර්කය සමත් වුණා.

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු තුනක් තුල තරගයේ 48 වන මිනිත්තුවේදී තවත් ගෝලයක් ලබා ගත් Dolberg ඩෙන්මාර්කයට තරගයේ වැඩි වාසි අත්කර දුන්නා.

88 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ Joakim Maehle ඩෙන්මාර්කය වෙනුවෙන් තුන්වන ගෝලයත් හිමි කරගත්තේ සුපිරි 8 දෙනාගේ වටයේ ස්ථානයක් තහවුරු කරමින්.

Martin Braithwaite තරගයේ 94වන මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අනුව 4-0 ක් ලෙස ඩෙන්මාර්කය තරගය නිමාකලේ අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය කිසිදු අපහසුවකින් තොරව තහවුරු කරගනිමින්.
සුපිරි 16 දෙනාගේ වටයේ දෙවැනි තරගය පැවැත්වුණේ ඉතාලිය සහ ඕස්ට්‍රියාව අතරයි. තරගයේ නියමිත කාලය තුල කණ්ඩායම් දෙකටම එකදු ගෝලයක් හෝ හිමිකරගැනීමට හැකි වුයේ නැහැ.

ඒ අනුව ලැබුණු අතිරේක කාලයෙන් උපරිම ඵල නෙලා ගත් Federico Chiesa 95 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගත්තේ ඉතාලිය 1-0ක් ලෙස තරග⁣යේ පෙරමුණට ගෙන එමින්.

105 වන මිනිත්තුවේදී යළි ක්‍රියාත්මක වූ Matteo Pessina ඉතාලිය වෙනුවෙන් දෙවන ගෝලයත් ලබා ගත්තා.

114 වන මිනිත්තුවේදී Sasa Kalajdzic ලබා ගත් ගෝලය ඔස්ට්‍රියාව තරගය වෙත යළි කැඳවනු ලැබුවා. නමුත් ඉතාලි ක්‍රීඩකයින් තරගය පැවති ඉතිරි විනාඩි 8 තුල පෙන්වූ දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය ඔස්ට්‍රියාවේ යූරෝ කුසලාන සිහිනයට තිත තැබුවේ 2-1 ක් ලෙස තරගය නිම කරමින්.

ඒ අනුව ඉතාලිය මෙවර තරගාවලියේ අඛණ්ඩ සිව්වන ජය වාර්තා කළ අතර 2020 යුරෝ කුසලාන තරගාවලියේද ඉතාලිය මෙම දස්කම දැක්වීමට සමත් වුවත් ඔවුන් අවසන් තරගය පරාජයට පත්වුණා.

එමෙන්ම ඔස්ට්‍රියාවට ප්‍රධාන පෙලේ පාපන්දු තරගාවලියක(පාපන්දු ලෝක කුසලානය / යූරෝ කුසලානය) ඉතාලිය හමුවූ පස්වතාවේම පරාජය වැළඳ ගන්නට සිදුවීමත් අවාසනාවන්ත කරුණක්.

එමෙන්ම යූරෝ කුසලාන පාපන්දු ඉතිහාසයේ අමතර කාලය දක්වා තරගය වැඩිම අවස්ථා ගණනකදී රැගෙන ගොස් ඇති ඉතාලිය සහභාගී වූ තරගයක් අමතර කාලය දක්වා ක්‍රියාත්මක වූ 8වන අවස්ථාව මෙයයි. ඒ අතුරින් ගෝල වාර්තා කළ පළමු අවස්ථාව ඊයේ වීම තවත් විශේෂත්වයක්.

යූරෝ කුසලාන සුපිරි 16 දෙනාගේ වටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. එක් තරගයක් පැවැත්වෙන්නේ නෙදර්ලන්තය සහ චෙක් ජනරජය අතරයි. අනෙක් තරගය බෙල්ජියම හා පෘතුගාලය අතර පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

මාවුස්සා කැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...