30 C
Colombo
Thursday, June 8, 2023

තිස්ස වැව හෑරීම යළි අරඹයි

- Advertisement -

තිස්ස වැව හෑරීමේ කටයුත්තේදී කිසියම් අතපසුවීමක් සිදුවූයේ නම් ඊට සමාව අයදින බව ගජ හෝලිඩින්ස් ප්‍රධාන විධායක නිලධාරී ගයත් ජයසිංහ මහතා පවසනවා.

ඒ, පසුගිය දිනවල මතභේදයට ලක් වූ තිස්ස වැව හෑරීම ඊයේ (15) යළිත් ආරම්භ කළ අවස්ථාවේදීයි.

ව්‍යපෘති සමාගම ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් සිය වැඩපිළිවෙළ ද පැහැදිලි කරන ලදි. මෙම ව්‍යාපෘතියේ සේවය කරනු ලබන්නේ 100%ක් ශ්‍රී ලාංකිකයන් බවත්, මෙහිදී පුරාවස්තූන් හට ලිසිඳු හානියක් සිදු නොවන බවත් ඔහු පවසා සිටියා.

පුරාවිද්‍යාත්මක වස්තුවක් හමුවූ වහාම ව්‍යාපෘතිය නතර කොට එය පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට දැනුම්දිය යුතු බවට එකඟතාවක් පවතින බවයි ඔහු පවසන්නේ.

ජනතාව වටහා ගන්නේ මාධ්‍ය මගින් පෙන්වන දෙය බවත් කිසියම් අතපසුවීමක් සිදුවූයේ නම් සමාව අයදින බවත් අදාල සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසනවා.

ප්‍රධාන විධායක නිලධාරීවරයා එසේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව සමඟ එකඟතාවක් පවතින බවට පැවසුවද තිස්ස වැව හෑරීමේ කටයුත්ත වෙනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් අවසරයක් ගෙන නොමැති බවයි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පසුගියදා සඳහන් කළේ.

සියලුම ආකාරයේ මෙවැනි සංවර්ධන කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවරසය ලබා ගැනීම අනිවර්යය වුවද එවැන්නක් මෙහිදී සිදු නොවූ බවත් එබැවින් නිසි අවසරයක් ලබා ගන්නා තුරු අදාල ව්‍යාපෘතිය අත්හිටවීමට උපදෙස් ලබාදුන් බවත් එම මහතා පවසා සිටියා.

එමෙන්ම, මෙම ව්‍යාපෘතිය හරහා යම්කිසි පුරාවිත්‍යාත්මක හානියක් වී ඇත්දැයි තක්සේරුවක් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළා.

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ජූනි මස 20 වනදා ආරම්භ වුණේ, විෂයභාර අමාත්‍යවරයාගේ ද සහාගීත්වයෙන්. එම ව්‍යාපෘතිය සමාජයේ දැඩි කතාබහකට තුඩුවූයේ එහි සේවය කරන චීන ජාතිකයන්ගේ හැඳ පැළඳ සිටි විශේෂ ඇඳුම් හේතුවෙන් සහ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවන් පූර්ව අවසරයක් ගෙන නොමැති බව හෙළිවීම නිසායි.


RECENT ARTICLES - SINHALA

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන විවාදය ලබන 21 වනදා

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. අද (08) පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...