ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනතාව හමුවට යාමට ආධාරකරුවන් සොයාගත නොහැකි මට්ටමකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් රැසක් පත්ව ඇති බව වාර්තා වනවා.
ඒ සම්බන්ධව අපේක්ෂකයන් රැසක් සිය ආසන සංවිධායකවරුන් වෙත දැනුම් දී තිබෙනවා.
ඔවුන් පෙන්වා දී ඇත්තේ අපේක්ෂකයන් සමඟ ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා ගෙයින් ගෙට යාමට හෝ ජනහමු සංවිධානය කිරීමට ජනතාවගේ කැමැත්තක් නොමැති බවයි.
මෙම හේතු නිසා පොදුජන පෙරමුණේ ප්‍රචාරක යාන්ත්‍රණය මේ වන විට ඇණහිට තිබෙනවා.
ඊට අමතරව මේ වන තෙක් එම පක්ෂ ප්‍රධාන මට්ටමේ ජනහමු කිසිවක් පළාත් පාලන මැතිවරණය සඳහා පවත්වා නොමැති බවයි වාර්තා වන්නේ.
වැඩිදුරටත් සඳහන් වන්නේ පක්ෂ නායක මට්ටමේ කිසිවෙකු සහභාගී වන ජන රැළියක් සම්බන්ධයෙන් කිසිම දැනුම් දීමක් සිදුව නොමැති බවයි.