33 C
Colombo
Saturday, May 4, 2024

නඩු භාණ්ඩ ගබඩාවෙන් ගිනිඅවි පන්නලා

- Advertisement -

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ඇති ගිනි අවි පන්නා අලෙවි කිරීමේ ජාවාරමක් හෙළිකර ගත් මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය ඊට සම්බන්ධ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නිරත බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 03ක් ඇතුළු 05ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් අය අතර උසාවියෙන් පැන්නූ ගිනි අවියක් මිලදී ගත් බෝට්ටු හිමි ව්‍යාපාරිකයෙක් සහ ඔහුට එම අවිය අලෙවි කිරීමට අතරමැදියෙක් ලෙස කටයුතු කළ අයෙක්ද සිටින බව පොලීසිය පවසනවා.

එම ගිනි අවිය රුපියල් 280,000ක මුදලකට අලෙවිකර තිබෙන අතර ව්‍යාපාරිකයා සතුව තිබී ඔහු මිලදී ගත් උසාවියෙන් පැන්නූ රිවෝල්වරයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම ඡාවාරම හෙළිවි ඇත්තේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා විසින් පසුගිය ජූලි 02 වෙනිදා කළ පැමිණිල්ලකට අනුවයි.

එම පැමිණිල්ලෙහි සදහන්ව තිබී ඇත්තේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු හෙරොයින් පාර්සල් 02ක් අස්ථානගතව ඇති බවයි.

දීර්ඝ ලෙස ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී මත්කුඩු පමණක් නොව, අධිකරණයේ නඩු භාන්ඩ ගබඩාවේ ඇති ගිනි අවි පවා මෙම පිරිස විසින් පන්නා ඇති බව හෙළිවී තිබෙන අතර ඒ අනුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෙරට සමස්ත ජනගහනය පහළට

ශ්‍රී ලංකාවේ ජනගහනය 144,000කින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය...

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ කාලයේ මහජන පැමිණිලි විමර්ශන 43%කින් පහළට

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් කොමිසම පැවැති කාලසීමාවේ දී මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය 70%...

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...