30.3 C
Colombo
Friday, April 26, 2024

සිරිල් ගාමිණි පියතුමන් හෙට CID යට ?

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබද ජාතික ප්‍රකාශයක කමිටුවේ සාමාජික ගරු. සිරිල් ගාමිණි පියතුමන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හෙට (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බව වාර්තාවනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර නිලධාරියෙකුගෙන් අප කළ විමසීමකදි ඔහු සඳහන් කළේ සිරිල් ගාමිණි පියතුමන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව සිදුකර ඇති සිදුකර ඇති ප්‍රකාශයක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් තමන්ව නිශ්චිත දැනුවත් කිරීමක් සිදු කර නැතැයි අප කළ විමසීමකදී ගරු සිරිල් ගාමිණි පියතුමා සඳහන් කළා.

මේ අතර පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමා ඇතුළු තවත් අය සිදුකර ඇති චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් සිදු කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර එහි ප්‍රගතිය අධිකරණයට දන්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීම සඳහා අන්තර්ජාතික යුක්ති සංසදය විසින් පැවැත්වූ සංවාදයකදි ගරු. සිරිල් ගාමිණි පියතුමා ඇතුළු පිරිසක් කළ කරුණු දැක්වීමක් පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වන මෙන්
රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා පසුගිය 25 වන දා කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට කළ කරුණු දැක්වීමට අදාළවයි.

පාස්කු ප්‍රහාරයට නායකත්ව ලබාදුන් ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂීම් වෙත ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් මුල්‍යමය හා වෙනත් අත්‍යාවශ්‍ය සහය ලබාදුන් බව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් Zoom තාක්ෂණය ඔස්සේ පසුගිය 23 වන දින පැවති සංවාද මණ්ඩපයකට සහභාගී වෙමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශන කමිටුවේ සාමාජික, සිරිල් ගාමිණි පියතුමන් විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙසට එම පැමිණිල්ලේ සදහන් වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.

සහරාන් හෂීම් හා ඔහුගේ අනුගාමිකයින් පෝෂණය කිරීමෙහිලා එකල බ්‍රිගේඩියර්වරයෙක් වු සලේ මහතා, ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටුකරන ලද බව පවසමින් සිරිල් ගාමිණී පියතුමා හා වෙනත් අය විසින් සිදුකර ඇති එම චෝදනා තමා අපකීර්තියට පත්කිරීමේ අරමුණින් නඟා ඇති බවත් ඒවා සම්පූර්ණයෙන් අසත්‍ය බව එම පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නා.

පොදු ජනතාව නොමඟ යැවීම පමණක්ම නොව හිතාමතාම තමාගෙ කීර්ති නාමයට හානි සිදුකිරීමටත් එබදු අසත්‍ය චෝදනා බුද්ධි අංශයන් මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා සුවිශේෂි කාර්යභාරයක් ඉටුකරන බුද්ධි නිලධාරින් හට නැවත පිළිසකර කළ නොහැකි හානියක් බවත් එමගින් තමාගේ ජීවිතය මෙන්ම පවුලේ අයගේ ජීවිතය ද අනතුරේ හෙළීමක් ලෙස ද එම පැමිණිල්ලේ කරුණු සඳහන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියා.

තමන් කිසිදු තත්ත්වයක් යටතේ කිසිදිනක සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයින් සමඟ කිසියම් හෝ ආකාරයක සන්නිවේදනයක් සිදුකර නොමැති බවත් ඒ අනුව මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසත් පැමිණිලිකාර රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් පැමිණිල්ලේ සටහන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමේදි ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

බලශක්තියට නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...