29 C
Colombo
Saturday, May 4, 2024

අවදානමක්..! ; හතරවන කොවිඩ් එන්නත් මාත්‍රාවත් ලබාගන්න..!

- Advertisement -

කොවිඩ් රෝගය යළිත් මතුවීමේ අවදානමක් උද්ගතව ඇති බැවින් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හතරම ලබාගැනීම වැදගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

නව ප්‍රභේද සමග යළිත් කොවිඩ් පැතිරයාමේ දැඩි අවදානමක් මතුව ඇති බවයි ඔහු සඳහන් කළේ.

වයස අවුරුදු 60 ට වැඩි සහ විදේශගතවීමට බලාපොරොත්තු වන සියලු දෙනා මෙම හතරවැනි එන්නත් මාත්‍රාව අනිවාර්යයෙන්ම ලබා ගත අතර, වයස 20ට වැඩි සියලුම දෙනාත් එය ලබාගැනීම සුදුසු බවයි අසේල ගුණවර්ධන මහතා පවසන්නේ.

එන්නත් 4 ම ගැනීමෙන් කොවිඩ් රෝගයට ගොදුරු වීමේ අවදානම අඩු වීම, රෝගය වැළඳුන ද දරුණු තත්වයට පැමිණීමේ හා මරණයට පත්වීමේ අවදානම අඩු වන බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසනවා.

මෙම එන්නත් රජයේ සියලුම රෝහල්වලින්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් හා නම් කරන ලද එන්නත් මධ්‍යස්ථාන වලින් ලබා ගත හැකි අතර, රටේ පවතින තත්වය අනුව එන්නත් ලබාදීමේ දින සීමා කිරීම හෝ නම් කරන ලද දින වල පමණක් ලබා දීම සිදු කළ හැකි බැවින් ආයතනවලින් විමසා එන්නත් ගැනීමට කටයුතු කළ යුතු බව අසේල ගුණවර්ධන මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...