ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව මාලදිවයිනේ හිටපු ජනාධිපති හා වත්මන් කතානායක මොහොමඩ් අන්නි නෂීඩ් පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ශ්රී ලංකාවට දැන් ඉදිරියට යා හැකි යැයි තමන් බලාපොරොත්තු වන බවයි.
ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනතෙක් ශ්රී ලංකාව තුළ රැදී සිටියා නම් තම ජීවිතයට ඇති බිය නිසා ඉල්ලා අස්නොවී සිටිය හැකි බවයි.
මේ නිසා ඔහුට මාලදිවයින වෙත පැමිණීමට අවස්ථාව ලබාදී මාලදිවයින් රජය සිදුකල කල්පනාකාරී ක්රියා කලාපය තමන් අගය කරන බවද මොහොමඩ් නෂීඩ් වැඩිදුරටත් සදහන් කරනවා.