31 C
Colombo
Saturday, May 18, 2024

ගෝඨාභය පනින්න හැදුවට වැඩේ වැරදිලා – AFP

- Advertisement -

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදෙස් ගතවීමට ගත් උත්සහය ආගමන විගමන කාර්ය මණ්ඩලයේ විරෝධය හේතුවෙන් වැළකී ගිය බව AFP පුවත් සේවය වාර්තා කරනවා.

එම පුවත් සේවය පෙන්වා දෙන්නේ VIP ප්‍රවේශ මාර්ගය හරහා ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිද විදෙස් ගතවීමට උත්සහ කළද ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රය මුද්‍රා තැබීම ආගමන විගමන කාර්ය මණ්ඩලය ප්‍රතික්ෂේප කළ බවයි.

මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ බිරිද වන අයෝමා රාජපක්ෂ කටුනායක ගුවන්තොටුපල අසළ ඇති හමුදා කදවුරක රාත්‍රිය ගතකර තිබෙනවා.

AFP පුවත් සේවය පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටින තෙක් ව්‍යවස්ථාවට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට බලයක් නොමැති නිසා ජනාධිපති ධූරය අහිමිවීමට පෙර ඔහු විදෙස් ගතවීමට උත්සහ කරන බවයි.

කෙසේවෙතත් සාමාන්‍ය ගුවන් පර්යන්තයෙන් හෝ ඔහුට මේ වන විට විදෙස් ගතවීමට නොහැකිව ඇත්තේ එහි සිටින සාමාන්‍ය ජනතාව පහරදීමක් සිදුකිරීමේ බියෙන් බවද AFP පුවත් සේවය පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

බාල බෙහෙත් සිද්ධිය ගැන ජාතික විගණන කාර්යාලයේ අවධානය

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරියා සහ ඒවා අනුමත කර ඇති පාලක මණ්ඩලය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු...

ප්‍රසිද්ධියේ සමාව ගන්න.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම

දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා...

මුහුදුබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...