වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාව ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( IMF ) සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමින් සිටින බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
ඔවුන් ඒ බව හෙළිදරව් කර ඇත්තේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල මූලාශ්‍ර 03කින් අනාවරණය වූ කරුණු ඔස්සේයි.
මෙම සාකච්ඡා තුළදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත්, විදේශ විනිමය හිඟය කළමනාකරණය කරගැනීමටත් ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කරන යෝජනා රැගෙන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන අප්‍රේල් මාසයේදී අමෙරිකාවේ නිව්යෝක් බලයාමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
කෙසේවෙතත් අප කළ විමසීමකදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ රජය IMF බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වීම නියමිතව ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නොවන බවයි.
ඔහු මිට පෙරද සඳහන් කර තිබුනේ කවර ආර්ථික තත්ත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකාව IMF සහය ලබාගැනීමට අපෙක්ෂා නොකරන බවයි.