මේ දිනවල පැවැත්වෙන Indian Premier League තරඟය සඳහා ලොවපුරා ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය හිමි කරගෙන තිබෙනවා.
මේ අතර, සන්රයිසස් හයිද්‍රාබාද් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරඟය අතරතුර සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යාට ක්‍රීඩා ලෝලීන් සිය අප්‍රසාදය පළ කරමින් සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කර තිබුණා.
සන්රයිසස් හයිද්‍රාබාද් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරඟය අවසානයේ හර්දික් මේ වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවෙකු වශයෙන් සිටින ක්‍රීඩක ලසිත් මාලිංගව නොසලකා හරිනු දක්වන අවස්ථාවක් මීට හේතු වී තිබුණා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පරාජයත් සමඟ ඔහු ලසිත් මාලිංග වෙත අතට අත දීම ප්‍රතික්ෂේප කරන අයුරු එහි දැක්වෙනවා.
මේ අතර,මුම්බායි ඉන්දියන් පුහුණුකරුවන් වන කිරන් පොලාර්ඩ් සහ ලසිත් මාලිංග කතා බහ කරමින් සිටින ස්ථානයට හර්දික් පාණ්ඩ්‍යා පැමිණෙන අවස්ථාවක ලසිත් මාලිංග ඔහුගේ පුටුව ලබා දී එතැනින් පිටත්ව යන ආකාරය දැක්වෙන වීඩියෝපටයක්ද නිකුත් වී ඇති අතර හර්දික්ගේ හැසිරීම එහිදීද විවේචනයට ලක් වුණා.
හර්දික් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ට ගරු කිරීමට නොදන්න ක්‍රීඩකයෙකු බවත් ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වයට පත් වීමත් සමඟ ඔහුගේ හැසිරීමේ පැහැදිලි වෙනසක් ඇති වී ඇති බව පවසමින් ක්‍රීඩා ලෝලීන් ඔහුට චෝදනා කර තිබෙනවා.
අදාළ සිදුවීම දැක්වෙන වීඩියෝව පහතින්,
Lasith Malinga and Kieron Pollard is legend of cricket. They have done better than Hardik Pandya for their national team as well for Mumbai Indians too.
— Satya Prakash (@Satya_Prakash08) March 28, 2024
Asking them to leave chair is not good behaviour.
Unfortunately but it's fact, Hardik Pandya don't respect seniors. pic.twitter.com/ejoShhjgwl