28.9 C
Colombo
Friday, April 26, 2024

බිරිඳගේ වැටුපෙන් මමත් ජීවත් වෙන්නේ; ලක්ෂ 300ක් ණය‍යි – SB දිසානායක

- Advertisement -

කොවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිරීමටවත් තමන්හට වැටුපක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසනවා.

තමන්ගේ සම්පූර්ණ වැටුප ණය වාරිකයක් වෙනුවෙන් කපා හැරෙන බවත් තමන් ලක්ෂ 300ක් ණය බවත් තමන් ජීවත් වන්නේ බිරිඳගේ වැටුපෙන් බවත් ඔහු පවසනවා.

එමෙන්ම, තමන් සෑමදාම අපහසුවෙන් ජීවත් වූ අයෙකු බවත් ආදායම් මාර්ගයක් ලෙස ගොවිතැන් කරන බවත් මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම, කොවිඩ් යනු සුළු සෙම්ප්‍රතිශ්‍යාවක් බවට තමන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එල්ලවූ විරෝධතා පිළිබඳව අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ තමන් එම ප්‍රකාශය සිදු කළේ මරණ බිය හේතුවෙන් මරණ ප්‍රමාණය ඉහළ යාම සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට බවයි.

කොවිඩ් යනු සුව කළ හැකි රෝගයක්ය යන ස්ථාවරයේ තමන් තවමත් සිටින බව එහිදී ඔහු අවධාරණය කර සිටියා.


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...