30.3 C
Colombo
Friday, April 26, 2024

මැරුණ සත්තුන්ට වගඋත්තර බඳින්න නෙමෙයි රු. මිලියන100ක් හොයා ගන්නයි මට ඕනේ

- Advertisement -

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ සිටි මුළු සත්ත්ව ගහනය වූ 3,485 දෙනෙකුගෙන් සතුන් 38 දෙනෙකු පසුගිය වසරේ මාස 6ක කාලයක් තුළ මියගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පවසනවා.

විවිධ හේතූන් මත එලෙස සතුන් මියගොස් ඇතැයි රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ඇය පවසා සිටියා. මේ අතර එම කාලසීමාව තුළ නව උපත් 93ක් සිදුව ඇති අතර එය 2%ක ප්‍රතිශතයක් බවයි ඇය සඳහන් කරන්නේ.

මාධ්‍යවේදියා –

“සත්ත්ව හුවමාරු වැඩසටහන් යටතේ මෙතෙක් ගෙන ආ සත්තු මියයනවා නම්, සීබ්‍රාලා මියයනවා නම්. එහෙම නැත්නම් ඔරන්ඔටන්ලා මියයනවා නම් මේ එල්ල කරන චෝදනාව වගේ. මම සත්තු අවතක්සේරු කරනවා නමෙයි ලංකාවෙන් ගන්න පුළුවන් වෙයි සමහර විට. අපිට හම්බුවෙනවා. ගෙවල්වල ඉඳලා හම්බුවෙනවා. ගෙනල්ලා භාරදෙනවා. නමුත් මේ වගේ සත්තු ගන්න පුළුවන් ද? “

අධ්‍යක්ෂ ජනරාල්වරිය –

“සීබ්‍රා සත්තු මියයන්නේ, ඉන්බීඩ් වෙලා නිසා. ඉන්බීඩ් වෙලා කියන්නේ, ඒ සත්තුන්ව ගෙනල්ලා ගොඩක් කල්. එකම අම්මාගේ තාත්තාගේ පැටව් එකිනෙකා සමග ඉන්බීඩ්වීම නිසා. ඒක කරලා තියෙන්නේ පසුගිය පරිපාලනයන් යටතේ. නමුත් ඒකේ සයිඩ් ඉෆෙක්ට්ස් හැටියට. ඒ ඉන්බීඩ් වීම නිසා තමයි මේ සත්තු දැන් මියයන්නේ. දැන් මම කියලා තියෙනවා කරුණාකරලා, ඉන්බීඩ් කරන එක නවත්වන්න කියලා. මං කැමති නෑ අරයාගේ වැරදි මෙයාගේ වැරදි කියන්නත් ඒ වගේම මේ ඔක්කෝම කියන්නේ මම එන්න කලින් මැරුණ සත්තු ගැන. ඔරන්ඔටන් මැරුණේ ටීබී හැදිලා. එතකොට ක්ෂය රෝගය හැඳුන සතෙක් බෙහෙත් බිබී ඉන්න ගමන් තමයි මැරුණේ. එතකොට සත්තුත් අපි වගේ සදාකාලිකව ජීවත්වෙන්න ආව සත්තු නෑ.”

මාධ්‍යවේදියා –

“ඉපදුන සත්තුන්ගේ බ්රේක් ඩවුන් එකක් තියෙනවා ද? මැරුන අයගේ තියෙනවා ද?”

අධ්‍යක්ෂ ජනරාල්වරිය –

“පසුගිය මාස 6 තියෙන්නේ දෙසැම්බර් මාසයේ අගට. ක්ෂිරපායින් 31ක් ඉපදිලා තියෙනවා. කුරුල්ලෝ ඉපදිලා තියෙනවා 40ක්. උරගයින් ඉන්නවා පොළොන්ගු 22ක්. ඒ දෙහිවල සත්වෝද්‍යානයේ සත්ව උපත් 93. මරණ ගත්තොත් ක්ෂිරපායින් 8ක්, පක්ෂීන්ලා 17ක් හා උරගයින් 3ක්.”

මාධ්‍යවේදියා –

“එතකොට මේ සත්වෝද්‍යාන සේවකයින් චෝදනා කරන සීබ්‍රා මියයෑම හෝ ඔරන්ඔටන් මියයෑමට හෝ වෙනත් විදේශ සතුන් මියයෑම් හෝ වාර්තා වෙනවා ද?”

අධ්‍යක්ෂ ජනරාල්වරිය –

“මේ ඔක්කෝම”

මාධ්‍යවේදියා –

“ගෙවුණ වසර 2ක කාලය තුළ ද මේ අයගේ චෝදනාව එල්ල වෙලා තියෙන්නේ ඔබතුමිය කියන විදියට ?”

අධ්‍යක්ෂ ජනරාල්වරිය –

“නෑ අවුරුදු 80 ඒවා කියනවා. සමහර ඒවා අවුරුදු 20ක් 30ක් පරණ ඒවත් කියනවා. දැන් මෙහෙමයි මට තියෙන ප්‍රශ්නේ, මට ජනාධිපතිතුමා මේ ආයතනය භාරදුන්නේ, ආදායම් හොයන්නේ, අපිට ටිකට් විකුණලා කීයක් හරි ගන්න නෙමෙයි. මට මිලියන 100ක මාස 2ක බිල් තියෙනවා ගෙවන්න. අපේ සත්තුන්ට කන්න දෙන්න. දැන් මේ සත්තු 38 මැරුණ එකට වගඋත්තර බඳින්නවත් එතකොට පහුගිය අවුරුදු 80 ඇතුළේ මැරුණ සත්තුන්ට වගඋත්තර බඳින්නවත් නෙමෙයි මට ඕනේ දැනට මගේ ආයතනයේ ජීවත්වෙලා ඉන්න සත්තු 4,800ට කන්න දෙන්න රුපියල් මිලියන100ක් හොයා ගන්න ඕනේ මං පහුගිය බිල් ගෙවන්න. ඒ වගේම ඒ බිල් ගෙව්වේ නැත්නම් සප්ලයස්ලා ඒවා නැවැත්තුවොත් මේ සත්තුන්ට කන්න දෙන්න බෑ.”

RECENT ARTICLES - SINHALA

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

බලශක්තියට නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...