27 C
Colombo
Saturday, May 24, 2025

මට ජනාධිපතිකම එපා..! – මහබැංකු අධිපති

- Advertisement -

ස්ථාවර රජයක් නුදුරේදීම පිහිටුවීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාව අක්‍රීය තත්වයකට පත්වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

අත්‍යවශ්‍ය ඉන්ධන ආනයන සඳහා මුදල් ගෙවීමට විදේශ විනිමය සොයා ගැනීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බවයි BBCය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ණය මුදල හිමිවීම පවා දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් අඩාල විය හැකි බවටද මහ බැංකු අධිපතිවරයා අනතුරු අගවා සිටිනවා. මෙම මාසය තුළ ලැබීමට නියමිත ඩීසල් සහ පෙට්‍රල් නෞකා කිහිපයක් සඳහා ගෙවීමට මුදල් ඇති නමුත් ඉන් ඔබ්බට ඇත්තේ දැඩි අවිනිශ්චිතභාවයක් බවයි ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කරන්නේ.

එසේ වුවහොත් සමස්ත රටම අක්‍රීය විය හැකි බවටද මහ බැංකු අධිපතිවරයා පුරෝකථනය කරනවා. එවැනි තත්වයක් උද්ගත නොවීම පිණිස ජනාධිපතිවරයෙකු – අග්‍රාමාත්‍යවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් පත්විය යුතු බවයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කලේ.

ජනාධිපති ධූරයට පත්වීමට කිසිදු අපේක්ෂාවක් තමන් සතුව නොමැති බවත් කිසිදු දේශපාලන තනතුරක් භාරගැනීමට තමන් තුළ බලාපොරොත්තුවක් නොමැති බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියාසිටියා.

RECENT ARTICLES - SINHALA

ලංගම බස් රථයක් ටිපරයක ගැටී මාරක අනතුරක්

කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී අද (24) අලුයම 2.45ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මඩකලපුවේ සිට...

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

POPULAR ARTICLES