30.1 C
Colombo
Friday, April 26, 2024

ඇමතිකමක් දුන්නොත් මේ ඕන කෙනෙක් ගෝඨාභයට එකතු වෙනවා..! – සරත් ෆොන්සේකා

- Advertisement -

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධ වන බොහෝ දේශපාලඥයන් හට ජනාධිපතිවරයා විසින් අමාත්‍ය තනතුරක් ලබා දීමට කටයුතු කළහොත් ඔවුන් ජනාධිපතිවරයා සමඟ එක්වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඒ, යූටියුබ් නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින්.

බොහෝ දේශපාලඥයන් හට ඇත්තේ රට සම්බන්ධ දැක්මක් නොව පුද්ගලික න්‍යාය පත්‍රයක් බවයි සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ.

එබැවින්, බහුතරයක් සහිත ආණ්ඩුවකට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒම වෙනුවට ජනතා විරෝධයක් හරහා බලය හුවමාරුවක් සිදුවිය යුතු බව තමා විශ්වාස කළද එය සිදුවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ හරහා මිස කෝලහාල හරහා නොවන බවත් එවැනි බල හුවමාරු අස්ථාවර බවට ලෝක උදාහරණ ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

ගෝඨාභය රාජපක්ෂ යනු අසාර්ථක දේශපාලඥයෙකු බවට මේ වන විට සනාථව ඇති අතර රටක් වෙනස් කිරීමට හැක්කේ විශිෂ්ඨ නායකයන්ට පමණක් බවත් ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම, මෛත්‍රීපාල සිරිසේන සමග හෝ රනිල් වික්‍රමසිංහ සමඟ ගොඩ නගන දේශපාලන එකමුතුවකට තමා කිසි ලෙසකත් සම්බන්ධ නොවන බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...

ජනපතිගෙන් මුදල් ප්‍රතිපාදන ගත්ත එක වරදක් නෙමෙයි – ප්‍රසිද්ධ වුණේ අපි විතරයි තව අය...

0
ජනාධිපතිවරයා හරහා මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 69 කට ආසන්න මුදලක් ලබා ගත් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ...

මත්තල ගුවන්තොටුපොළ කළමනාකරණයට ආයතන දෙකක් 

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි පහසුකම් භාවිත කිරීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...