30.3 C
Colombo
Friday, April 26, 2024

මම ජනාධිපති උනොත් මිනිස්සුන්ට හොඳට කන්න බොන්න දෙනවා – ගීතා

- Advertisement -

තමන් ජනාධිපති ධූරයට පත්වුවහොත් එක් වේලක් කා අසරණව සිටින ජනතාව තවදුරටත් අසරණ නොකර ඔවුන්ට හොදින් කෑමට බීමට අවශ්‍ය පරිසරය සකසන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

Youtube නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කළේ සියලු දෙනාටම එක රටක් එක නීතියක් ක්‍රියාත්මක විය යුතු බවත් තමන් ජනාධිපති වුවහොත් එය ක්‍රියාවෙන් සිදුකර පෙන්වන බවත්ය.

විමල් වීරවංශ මහතා යනු තමන් ඉතාමත්ම කැමති දේශපාලඥයෙක් වන අතර වරෙක ඔහු තමන් පිළිබදව සිදුකළ කතාවක් හේතුවෙන් තමන් පාර්ලිමේන්තුවේදී පැය භාගයකට ආසන්න කාලයක් හඩා වැටුණු බවද ගීතා කුමාරසිංහ මහත්මිය මෙම සම්මුඛ සාකච්ඡාවේදී අදහස් පලකරනවා.

2015 දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසුව මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ට ආණ්ඩුව සමඟ එක්වන්නැයි ආරාධනා කළ අවස්ථාවේදී තමන් එය ප්‍රතික්ෂේප කලද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යහපාලන ආණ්ඩුව සමග එක්වී ඇමති තනතුරක් ලබාගත් බවද ඇය මෙහිදී සිහිපත් කළා.

සජිත් ප්‍රේමදාස මහතා යනු තමන් කැමති පුද්ගලයෙකු බවත් ඔහුගේ විවාහ උත්සවයට පවා තමන් සහභාගී වූ බවත් ගීතා කුමාරසිංහ මහත්මිය මෙම වැඩසටහනේදී ඇයගේ මතකය අවදිකරනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

බලශක්තියට නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...