27.4 C
Colombo
Wednesday, June 7, 2023

රුපියල් 200කින් මිල වැඩිකළා නම් ඕනෙ තරම් කිරිපිටි එයි – බන්දුල

- Advertisement -

කිරිපිටි සමාගම් ඉල්ලා ඇති පරිදි රුපියල් 200ක පමණ මිල වැඩිකිරීමක් ලබාදීමට කටයුතු කළ හොත් අවශ්‍ය පමණට කිරිපිටි වෙළඳපොළට ලැබෙනු ඇති බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසනවා.

කෙසේ නමුත්, මේ අවස්ථාවේදී එවැනි මිල වැඩිකිරීමක් සඳහා අවසර ලබාදීමට රජයට හැකියාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොවිඩ් – 19 වසංගතය යටතේ මුළු ලෝකයේම සැපයුම් ජාලය අඩපණ වී ඇති බවත් එබැවින් සෑම රටකම ප්‍රවාහන ගාස්තු, නැව් ගාස්තු විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පිළිගන්නා නමුත් මේ අවස්ථාවේදී පාරිභෝගිකයන් පිළිබඳව සිටිය යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.

“මේ දවස්වල කොවිඩ් – 19 වසංගතය යටතේ මුළු ලෝකයේම සැපයුම් ජාලය කියන එක අඩපණ වෙලා තියෙන්නෙ. ඒක නිසා හැම රටකම ප්‍රවාහන ගාස්තු, නැව් ගාස්තු විශාල ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. කිරිපිටි නිෂ්පාදන සමාගම් විශාල අනුපාතයකින් මිල ඉහළ නංවන්න පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලලා තියෙනවා.

නමුත් අපට එහෙම අවසර දෙන්න පුළුවන්කමක් නෑ මේ අවස්ථාවේදී. ඉතිං පහසු ක්‍රමය තමයි ඕනෙ තරම් කිරිපිටි දෙන්න කියලා ඉවර වෙලා රුපියල් 200කින් විතර මිල වැඩි කළොත් කිරිපිටි වෙළඳපොල පිරෙනවා”


RECENT ARTICLES - SINHALA

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...