30.2 C
Colombo
Friday, April 26, 2024

ලබන වසරේ සිට අඛණ්ඩ විදුලි සැපයුමක් දෙනවා නම් විදුලි ගාස්තුවත් ඉහළ දාන්න වේවි – අමාත්‍ය කංචන විජේසේකර

- Advertisement -

ලබන වසරේ ජනවාරි මස සිට අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා සිදු කළ හැකි සෑම පියවරක්ම ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ෂිංහුවා පුවත් සේවය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීයි.

පසුගිය මාස කිහිපය තුළදී විදුලි කප්පාදුව විශාල ලෙස අඩු කිරීමට පියවර ගත් බවයි ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ.

අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අඛණ්ඩව විදුලි සැපයුමක් ලබා දීමට නම් විදුලි ගාස්තු සංශෝධනය කළ යුතු බවයි.

එවැනි සංශෝධනයක් කිරීමට නම් සෑම වසරක ජනවාරි සහ ජුනි මාසවලදී විදුලි බිල සංශෝධනය කිරීම වඩාත් සුදුසු බව එම සම්මුඛ සාකච්ඡාවේ දී ඒ මහතා පෙන්වා දී තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ 2023 වසරේ දී පුනර්ජනනීය බලශක්තිය ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් මේ වසරේ පෙබරවාරි මාසයේ සිට දෛනික විදුලි කප්පාදුවක් සිදුවන අතර එක් අවස්ථාවක එම විදුලි කප්පාදුව පැය 13 දක්වා වර්ධනය වුණා.

නමුත් මේ වන විට එම විදුලි කප්පාදුව පැය දෙකකට සීමා වී තිබෙනවා.

මේ අතර එළඹෙන දින දෙකේදී දෛනික විදුලි කප්පාදුව පැය 2යි විනාඩි 20 දක්වා ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව දිවා කාලයේ පැය කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

රනිල්ගෙන් සල්ලි ගත්ත මන්ත්‍රීලා ගැන හොයලා බලනවා – සජබ

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉදිරිපත් කරන ලද විමධ්‍යගතා යෝජනාවලට ජනාධිපතිවරයා විසින් මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් සොයා බලන බවට සමගි ජන බලවේග පක්ෂ මහලේකම්...

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළා. එම රැස්වීම අවසන් වූ...

උලපනේ සුමංගල හිමිට ඇප

අධිකරණ නියෝගවලට අවනත නොවී රාජ්‍ය නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ සිටි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...